අප රටේ වර්තමානයේ පවතින දේශපාලන සන්ධර්භය දිගු කාලීන දේශපාලන ක‍්‍රියාදාමයක ඵලයකි. විවිධ ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික කරුණු මේ කෙරෙහි බලපාන්නට විය. විජයාවතරණයෙන් පසුව මහින්දාගමනයත් සමග විධිමත් ලෙස ශිෂ්ටාචාරගත වන ලාංකීය සමාජය තුළ ස්ථාපිත වූයේ රාජ ආණ්ඩුන් පාලන ක‍්‍රමයකි. මේ තුළ බුද්ධ ශාසනය සුවිශේෂී වූ අතර සෑම රජෙක්ම බෞද්ධ වීම හා රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස දන්ත ධාතූන් වහන්සේ පිළිගැනීමට ලක් විය. රාජ ආණ්ඩු පාලනය රජු, යුව රජු, අමාත්‍යවරු, සේනාධිනායක, නිලමෙවරු ආදී විවිධ නිළධාරීන් හා ප‍්‍රදේශීය පාලකයන් සමග සිදු විය. පාරම්පරිකව හෝ පියාගෙන් පුතාට හෝ වෙනත් අයුරකින් රජු සිහසුනෙන් නෙරපා රාජ්‍යත්වයට පත් වීම ද මේ තුළ සිදු විය.
රාජ ආණ්ඩු යුගයේ රජතුමා ස්වකීය රටවැසියන් සමග සබදතා පවත්වා ගැනීමට වෙහෙර විහාර ඉදි කිරීම, වැව් අමුණු ඉදිකිරීම, මංමාවත් පිළිසකර කිරීම ආදී වූ උපක‍්‍රම භාවිතා කරන ලදී. එපමණක් ද නොව ඇතැම් රජවරුන් වෙස් වලාගෙන ගොස් තම රටවැසියන්ගේ ස්වාභාවය හා තමන්ගේ දුර්වලකම් හා අඩුපාඩුකම් පිළිබදව විමසා බලන ලදී. එම රජවරුන් කෘෂිකර්මාන්තය පෝෂණය කරමින් පෙරදිග ධාන්‍යාගාරය බවට ශ‍්‍රී ලංකාව පත් කරන ලදී.
රාජ ආණ්ඩු පාලනය පසු කාලීනව අර්බුදකාරී තත්ත්වයකට පත් විය. ක‍්‍රි.ව. 1500 පසුව ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය බිද වැටෙන්නට විය. ක‍්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ලංකාව ආක‍්‍රමණය කරන ලදී. 1656 දී පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් විසින් ලංකාව ආක‍්‍රමණය කළේය. 1796 දක්වා පාලනය ඔවුන් විසින් ගෙනයන ලදී. 1976 දී ලන්දේසීන්ට එරෙහිව ඉංග‍්‍රීසීන් ලංකාව ආක‍්‍රමණය කරන ලදී. ඉංග‍්‍රීසීන් දේශීය ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගනිමින් ඔවුන් සමග යහපත් සබදතාවයක් ගොඩනගා ගැනීමට උත්සුක වූහ. 1910 දී ඡුන්ද බලය හදුන්වා දුන් අතර දේශීය ප‍්‍රජාව තව දුරටත් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්නා ලදී. මෙයින් දේශීය ජනතාව සෑහිමකට පත් නොවූ නිසා ජනතාවාදී ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් 1917 දී ලංකා ප‍්‍රතිසංස්කරණ සංගමය පිහිටුවා ගන්නා ලදී. 1921 දී මැනිං ප‍්‍රතිසංස්කරණය සිදු වූ අතර එයින් ව්‍යවස්ථාදායක සභාව තුළ දේශීය නියෝජිතයින් සංඛ්‍යාව වැඩි කළේය.
1927 ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත 1931 ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය සිදුකළේය. මෙයින් සර්වජන ඡුන්ද බලය ලබාදෙමින් දේශීය ජනතාව වඩාත් පාලනය සදහා සම්බන්ධ කරමින් ස්වදේශිකයන්ට වඩාත් වාසිසහගත දේශපාලන ක‍්‍රමවේදයක් ගොඩ නගන ලදී. 1947 සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය ඇති කරමින් බි‍්‍රතාන්‍ය යටතේ ස්වයං පාලන අයිතිය ලබාදීමට උත්සුක වූහ. මෙම ආණ්ඩු ක‍්‍රමය යටතේ 1947 මැතිවරණයක් පවත්වන ලද අතර එයින් එක්සත් ජාතික පක්ෂ නායක ඞී. එස්. සේනානායක මහතා ප‍්‍රථම අගමැති ධූරයට පත්විය. පසුව 1948 පෙබරවාරි 4 ලංකාව නිදහස දිනා ගත්තේය. එයින් නිදහස් ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුක‍්‍රමය 1972 ශ‍්‍රී ලංකා ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගොඩ නගන ලදී. එහි සුවිශේෂතා පහත පරිදිය.
x ශ‍්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් වීම
x ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් පත් කිරීම
x පරමාධිපත්‍ය බලය ජනතාව සතු කිරීම
x ශ‍්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආයතනය බවට ජාතික රාජ්‍ය සභාව පත් කිරීම
x මහජන ඡුන්දයෙන් තෝරාගත් නියෝජිතයන් පත් කර ජාතික රාජ්‍ය සභාව ගොඩ නැගීම
x මානව අයිතිවාසිකම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීම
x බුද්ධාගම ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාවෙන් බැදී සිටීම
x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම
මෙහි දුර්වලතා තව දුරටත් මග හරවමින් 1978 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින් විධායක ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් හදුන්වා දෙන ලදී.
මෙම ආණ්ඩු ක‍්‍රමය යටතේ විධායකය ලෙස ජනාධිපති ද ව්‍යවස්ථාදායකය ලෙස අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය ද අධිකරණය ඉහළ අධිකරණය හා පහළ අධිකරණය වශයෙන් පිහිට වූ අතර ඉහළ අධිකරණය බවට ශේෂ්ඨාධිකරණය පත් කරන ලදී. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වර්තමානය දක්වා බලයට පත් විවිධ ආණ්ඩු යටතේ සංශෝධනය කර ඇත.