දොළුකන්ද පිළිඹඳ ඉතිහාසය , රාම
රාවණා කාලය දක්වා දිව යන්නකි. එවන් වූ අතීතයකට හිමිකම් කියනා දොළුකන්ද අපේ රටේ වන
වියනට මෙන් ම පාරිසරිකව ද, වැදගත් වූ ස්ථානයක් දරයි.
මෙම
දොළුකන්ද වන වියන තුලදි ඉතාම දුර්ලභ වූ ඖෂධ වර්ග
අදටත් සොයා ගැනීමට හැකියාව පවතී. තවමත් ග්‍රාමීය ලක්ෂණ මනාවට දක්නට ලැබෙන
මෙම ප්‍රදේශය ,
කඳු නැගීම සඳහා ප්‍රියතාවයක් දක්වන්නන් ගේ අවධානයට ද
ලක්ව ඇත. ඒ පිළිඹඳ කරුණු හෙළි කර ගැනීම මේ ගවේශණයේ අරමුණයි.
දොළුකන්ද
පිළිඹඳ විවිධ වූ කථා පුවත් ගෙතී පවතින අතර ඒවායින් යම් ප්‍රමාණයක් සඳහා වූ සාධක
මෙහිලා දැක ගන්නටද අවස්ථාව පවති.
දොළුකන්දේ
පිහිටීම
වයඹ පලාත
තුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ , හිරියාල ප්‍රදේශයට අයත් ව දොළුකන්ද පිහිටා
ඇත.
දොළුකන්දේ
පිවිසුම
කුරුණෑගල
සිට දඹුල්ල මාර්ගයේ ගමන් කොට මුත්තෙට්ටුගල හන්දියට පිවිස එතැනින් ගනේවත්ත මාර්ගයේ
කි.මී 15ක් පමන
ගමන් කිරීමේදි 10 කණුව
හන්දියට ලඟා විය හැකි අතර එතැන් සිට වන ගුරුපාර දිගේ හුණුපල ග්‍රාමය හරහා කන්දේගම
රජමහා විහාරයේ සිට දොළුකන්දට පිවිසිය හැකි වේ.
ඊට අමතර
ව දොළුකන්ද ආරණ්‍ය සෙනසුන හරහා වැටී ඇති මාර්ගයේ ද දොළුකන්දට පිවිසිය හැකිය.
කුරුණෑගල
සිට ඉබ්බාගමුව ට පැමිණ මඩගල්ල මාර්ගයේ හැරී කි. මී 8ක් පමන ගොස් ගොඩගල
හන්දියට පැමිණ අරන්කැලේ ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය දිගේ දොළුව ග්‍රාමයට පැමිණ
දොළුකන්ද තරණයට අවකාශය ඇත.
කුරුණෑගල
සිට ඉබ්බාගමුව ට පැමිණ මඩගල්ල මාර්ගයේ හැරී කි. මී 8ක් පමන ගොස් ගොඩගල
හන්දියට පැමිණ අරන්කැලේ ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය දිගේ දොළුව ග්‍රාමයට පැමිණ
දොළුකන්ද තරණයට අවකාශය ඇත. මෙම මාර්ගය පළමු මාර්ගය හා සම්බන්ධ වේ.
හුණුගල
හරහා දොළුකන්ද තරණය කරන්නන් හට මුලින්
ම තරණය කිරීමට සිදු වෙන්නේ අම්බලන් ගල නම්
කඳුවැටියයි. අම්බලන් ගල හරහා දොළුකන්දේ නැරඹුම් ස්ථාන නැරඹීමට විසිර යාමේ අවකාශය
ඇති බව දක්නට ඇත.
මෙහිදී , මාලිගාතැන්න
ස්ථානය මෙන් ම එහි ඇති පුරාණ ගල්ල් කණු හා පැරණි මාලිගයක විය හැකි නටඹුන් ද දක්නට
ලැබේ. ඊට අමතරව මෙහිදී කටාරම් සමඟින් පුරාණ ආරක්ෂිත ගල් ගුහාවක් ද දක්නට ලැබේ. එලෙසම
වෙහෙරගල, රාස්සමූණ
නම් දොළුකන්දේ උසම ස්ථානයත් නිරීක්ෂණයර අවකාශය ලැබෙන අතර මෙම ස්ථානයට මුහුද ද
දක්නට ලැබීම ඉතා සුවිශේෂි කරුණකි. මිනිසා විසින් ඉදිකල ගල් කැටයම් ප්‍රමාණයක් ද
මෙහිදි දක්නට ලැබීම වැදගත් කාරණයක් වේ.
දොළුකන්දේ
පුරාවෘත්තය
වාල්මිකීගේ
රාමායනයට අනුව රාම සහ ලක්ෂ්මන , රාවණා
සමඟ වන යුද්ධයේදි දරුණු ලෙස තුවාල ලබන අතර එසේ තුවාල ලැබීමට හේතුව වී ඇත්තේ ඉන්ද්‍රජිත් නම් ප්‍රභල
සෙනෙවියා සතු වූ '' උරගසරය '' නම් අවියෙන් පහර කෑමට
ලක් වීමයි. මෙසේ තුවාල ලැබූ රාම සහ
ලක්ෂ්මන සුව කිරීම ට අවශ්‍ය වූ දුර්ලබ වූ බෙහෙත් පැලෑටි ගෙන ඒමේ වගකීම හනුමන් ට
පැවරෙන අතර හනුමන් ඒ බෙහෙත් පැලෑටි ගෙන
ඒමේ අදිටනින් ඉක්මනින් හිමාලය කරා පිටත් වී යයි. නමුත් එහි යාමෙන් අනතුරුව හනුමන්
ට අදාල ඖෂධ පැලෑටි වල නම් අමතක වන අතර , එයට
විසඳුමක් ලෙස හනුමන් හිමාලයා කන්දේ ඖෂධ උයනේ කොටසක් උස්සා ගෙන ලංකාවට පැමිණේ , එම
ඔසවාගෙන යාමේදී කඩා වැටුනු කොටසක් ලෙස මෙම
දොළු කන්ද හඳුන්වනු ලැබේ.
ඊට අමතරව
රිටිගල හා රූමස්සල යන කඳු ද මෙසේ වැටුණු කොටස් ලෙස ඉතිහාස කතා වල දැක්වෙයි. මෙම් මතයට ගැලපෙන පාරිසරික
සාධක ද අපට දොළුකන්ද තුලින් හමු වේ. මෙම භූමිය තුල ඖෂධ ඉතා විශාල ප්‍රමාණයක්
පවතිනවා සේම හිමාලයා කඳු වැටිය තුල පවතින දුර්ලබ ඖෂධ පැලෑටි ද මෙහිදී දක්නට ලැබේ. උදාහනණ ලෙස වනරාජ, සඳරාජ
වැනි ශාක දැක්විය හැකිය.
තවද එකල
වළගම්බා රජු හෝ එවකට සිටි රාජ රාජ මහා අමාත්‍ය වරයෙකු තම වාස භූමිය ලෙස රහසේ සැඟව සිටීමට මෙම දොළුකන්ද යොදා ගන්නට ඇති බවත්, මෙහි පවතින මාළිගයක නටඹුන් හා කැටයම් යෙදූ ගල් කනු වලින්, මෙහි
පවතින කුඩා පොකුණු ආදියෙනුත් පැහැදිලි වේ. යාම් ඒම් සඳහා අති දුෂ්කර මාර්ගයන්
පවතින හෙයින් රාජ්‍යයට එරෙහි සතුරු ආක්‍රමණ
වලට මුහුන දීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකිය. තවද රාවණා
රජු ගේ සමයේ ශිවදෘෂ නම් පඪිවරයා ඔහු ගේ ඖෂධ උයන් වලින් එකක් ලෙස දොළුකන්ද භාවිතා
කල බවට ද සමාජය තුල මතයක් පවතී. එම මතය සනාථ කරන කරුනක් වි ඇත්තේ රිටිගල හා
රූමස්සල යන ඖෂධ උයන් ද කි. මී 50 ක පමන වපසරිය තුල පිහිටා තිබීමයි. දොළුකන්දේ
සිට නැරඹීමේදි රිටිගල හා රූමස්සල කඳු මනාව දර්ශණය වේ.
රාස්සමූන
නම් දොළුකන්දේ උසම ස්ථානය පොළවේ සිට මි 600ක් පමන උස වන අතර මෙම
ස්ථානය ට මුහුද පවා දර්ශණය වේ.
👌👌👌
ReplyDeleteGood old history dr.. ! i like to read your writings ...!!
ReplyDelete