80 දශකයේදී මෙරට දේශපාලනයට විශාල බලපෑමක් කළ දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලOකා මහජන පක්ෂය හදුන්වා දිය හැකිය. ශ්‍රී. ල. නි. ප. නායකත්වය සමග මතභේද ඇති කරගෙන ඉන් ඉවත් වූ විජය කුමාරතුOග, ටී. බී. ඉලOගරත්න ප්‍රමුඛ පිරිසක් පක්ෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූහ. නිල වශයෙන් පක්ෂය ආරම්භ කරන ලද්දේ 1984 ජනවාරි මස 24 වන දින දීය. පක්ෂය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති වැඩ පිළිවෙල අනුව "ශ්‍රී ල0කාවේ ප්‍රථම ප්‍රගතශීලී මහජන රජය පිහිටුවන ලද අගමැති ඒ. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ආරම්භ වුණු සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මහජන ගමන ආත්මාර්ථකාමීත්වයෙන් හා ඒකාධිපති පුද්ගලවාදයෙන් නිදහස්කර, ප්‍රතිගාමීන්ගෙන් මෙන්ම, අගති ගාමීන්ගෙන් ද ආරක්ෂා කර යථානුරූපව ඉදිරියට ගෙන යමින් ජාතික ස්වාධීනත්වය තුළින් ශ්‍රී ලOකාවේ ඒකීය භාවය ද, ජාතික සමගිය ද ඇතිකර හැම කෙනෙකුටම තෘප්තිමත් ජන ජීවිතයක් ගත කළ හැකි වුව වූ තිරසාර සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම ශ්‍රී ලOකා මහජන පක්ෂයේ අරමුණ වන්නේය.
මහජන පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමෙන් පසු කරුණු දෙකක් පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදී.
1. 1983 න් පසු උග්‍ර තත්වයට පත් ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ක්‍රියාකාරීව මැදිහත් වීම.
2. සියලු වාමාOශික කොටස්වල එක්සත් භාවය.
යුද්ධමය ක්‍රියාමාර්ගයකින් එනම් දෙමළ ජනතාව මත සිOහල ජාතික ආධිපත්‍ය පතුරුවා උතුරේ අර්බුදය විසදිය නොහැකිය යන්න මහජන පක්ෂයේ ස්ථාවරය විය. ඊලාම් රාජ්‍යයක් බිහි කිරීම සදහා යුධ වැදී සිටි සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා කර උතුරේ අර්බුදයට දේශපාලන විසදුමක් සෙවීමට මහජන පක්ෂය උනන්දු විය.
පක්ෂයේ ස්ථාවරය ක්‍රියාත්මක කරමින් විජය කුමාරතුOග ප්‍රමුඛ මහජන පක්ෂයේ නියෝජිත පිරිසක් 1986 දී මදුරාසියට ගොස් එල්. ටී. ටී. ඊ. ප්ලොට්, ඊ. පී. ආර්. එල්. එෆ්. යන සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වූහ. පක්ෂය ගත් මෙම ක්‍රියාමාර්ගයට සිOහල ජාතිවාදී කොටස්වල විරෝධය එල්ල වූහ. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන පක්ෂය අනුගමනය කළ ක්‍රියාමාර්ගය අනුමත නොකරමින් පක්ෂය සභාපති ටී. බී. ඉලOගරත්න සභාපති ධූරයෙන් ඉවත් විය. ඉලOගරත්නගේ ඉවත්වීමෙන් පසු පක්ෂයේ සභාපති ධූරයට පත්වූයේ චන්ද්‍රිකා කුමාරතුOග ය. පක්ෂයේ ලේකම් ධූරය දැරූ විජය කුමාරතුOග ජාතික සOවිධායක ධූරයට පත් වූ අතර වයි. පී. ද සිල්වා නව ලේකම් විය. එල්. ටී. ටී. ඊ. අත් අඩOගුවේ සිටි සොල්දාදුවන් නිදහස් කරගැනීම සදහා විජය කුමාරතුOග ප්‍රමුඛ මහජන පක්ෂයේ නියෝජිත පිරිසක් යාපනයේ ස0චාරය කළේ ද ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන පක්ෂය දැරූ ස්ථාවරය තවදුරටත් ක්‍රියාත්මක කරමිනි. එසේම ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී. ල. නි. ප. ස්ථාවරය ද මහජන පක්ෂයේ දැඩි විවේචනයට ලක් විය.
මෙරට දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රශ්නවලට විසදුම් සමාජවාදය යන්න මහජන පක්ෂය පිළිගත් මතය විය. සමාජවාදයේ ජයග්‍රහණය සදහා සියලුම වාමාOශික කොටස් සමගි විය යුතුය යන මතයේ පිහිටා මහජන පක්ෂය කටයුතු කළේය. ශ්‍රී ලOකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලOකා සමසමාජ පක්ෂය, නව සම සමාජ පක්ෂය හා මහජන එක්සත් පෙරමුණ සමග මහජන පක්ෂය ආරම්භයේ සිටම සහයෝගයෙන් කටයුතු කළේය. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් වමේ සOවිධානය දැරූ මතවාදයට එකග නොවීම නිසා මහජන එක්සත් පෙරමුණ පසුව ඉන් ඈත් විය. වාමාOශික සමගිය තහවුරු කරමින් මහජන පක්ෂයේ නායකත්වය යටතේ 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවන ලදී. ඉOදු ලOකා ගිවිසුමට ද පළාත් සභා ක්‍රමයට ද සහය දුන් පක්ෂ අතර මහජන පක්ෂය කැපී පෙනේ.
ඉන්දු ලOකා ගිවිසුමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වූ ඊ. පී. ආර්. එල්. එෆ්. හා ප්ලොට් වැනි ද්‍රවිඩ සටන්කාමී සOවිධාන සමග ද මහජන පක්ෂය සමීප සබදතා පැවැත්වීය. 1988 පළාත් සභා මැතිවරණයේ දී එ. ජා. ප. ය හැරුණු විට වැඩිම නියෝජිත ප්‍රමාණයක් තේරී පත් වූයේ මහජන පක්ෂයෙනි. මහජන පක්ෂය ඉන්දු ලOකා ගිවිසුමට සහය පළ කිරීමත්, පළාත් සභා ක්‍රමය පිළිගැනීමත් ජ.වි.පෙ. හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දැඩි විරෝධයට හේතු විය. 87-89 වකවානුවේදී මහජන පක්ෂ නායක විජය කුමාරතුOග ඇතුළු පක්ෂ සාමාජිකයින් සිය ගණනක් ඝාතනයට ලක් විය. විජයගෙන් පසු පක්ෂයේ නායකත්වයට පත් ඔසී අබේගුණසේකර පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් 1988 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. 1989 මහ මැතිවරණයෙන් පසු මහජන පක්ෂය හා එක්සත් සමාජවාදී පෙරමුණේ සෙසු පක්ෂ අතර පැවති මතභේද උග්‍ර තත්වයට පත් විය. එසේම මහජන පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් බහුජන නිදහස් පෙරමුණ නමින් සOවිධානයක් ද පිහිටුවා ගෙන දේශපාලන කටයුතුවල නිරත විය. මහජන පක්ෂ නායකත්වය ප්‍රේමදාස පාලනයට සහාය පළ කිරීම හේතු කොටගෙන මහජන පක්ෂය නැවත දෙකඩ විය. මහජන පක්ෂ (ඔසී පිල) මහජන පක්ෂය (වයි. පී. පිල) යනුවෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූයේ ඉන් පසුවය. 1993 පළාත් සභා මැතිවරණය, 1994 මහා මැතිවරණය, 1994 ජනාධිපතිවරණය යන මැතිවරණවල දී ඔසී පිල එ. ජා. ප. යට සහාය දුන් අතර වයි. පී. පිල පොදු ජන එක්සත් පෙරමුණේ කොටස්කරුවෙකු වෙමින් ඊට සහාය දුන්නේය. පසුව මහජන පක්ෂයේ (ඔසී පිල) විසුරුවා හැරීමට පක්ෂ නායකත්වය විසින් තීරණය කරන ලදී. පක්ෂයේ විසුරුවා හැරීමෙන් පසු එහි සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ. වර්තමානයේ මහජන පක්ෂය හැටියට ක්‍රියාත්මක වන්නේ වයි. පී. ද සිල්වාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමයි.
1977 න් පසු ක්‍රියාත්මක කරන ලද විවෘත ආර්ථික ක්‍රමය මහජන පක්ෂයේ දැඩි විවේචනයට ලක් විය. එය අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් මත ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට හැදින්වූ මහජන පක්ෂය 1994 වසරේ නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පක්ෂයේ කෙටි කාලීන හා දිගු කාලීන ඉලක්ක හැටියට පහත සදහන් ඉලක්ක ප්‍රකාශයට පත් කළේය.
1. ජාත්‍යන්තර මූල්‍ය ආයතන, බහුජාතික සමාගම්, හා අධිරාජ්‍යවාදී දියුණු රටවල විශේෂයෙන් එක්සත් ජනපදයේ ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයෙන් නිදහස්වීම ස්වාධීනත්වය තහවුරු වීම.
2. ශ්‍රී ලOකාවේ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම.
3. දශක කීපයක සිට විනාශ වී ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් මානව හිමිකම් හා සමාජ සාර්ධර්ම ගොඩ නැගීම.
4. නිවහල් ආර්ථිකයක් ගොඩ නැගීම.
5. ජාතික සOස්කෘතිය නිවහල් කර ගැනීම.
6. සමාජ ආර්ථික විසOතුලනයන් මග හරවා මිනිසා විසින් තවත් මිනිසෙකු සූරා කෑම අවසන් කරමින් තිරසාර සමානාත්මතා සමාජයක් ගොඩ නැOවීම.
කෙසේ වුවද පොදු පෙරමුණු රජයට සම්බන්ධ වීමෙන් පසු මහජන පක්ෂය ද විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට දායක වී ඇත.
[උපුටා ගන්නා ලද්දකි..]
[උපුටා ගන්නා ලද්දකි..]
Only the party that we can find with huminity. ....
ReplyDelete