Wednesday, April 3, 2019

බලන්න සන්නිවේදනය සන්නිවේදනය වේ දැයි කියා

                                               සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමාන මෙකී 21 වන සියවසේ අග භාගය දක්වා ම මිනිසා විසින් ප්‍රධාන අවශ්‍යතා කොට ඇති මූලික මානව අවශ්‍යතා හා බැදි යෙදුම්කාරකයක් ලෙස සන්නිවේදනය හැදින්විය හැකිය. මානසික අවශ්‍යතා හා කායික අවශ්‍යතා පූර්ණ කර ගැනීම සදහා මිනිසා විසින් උපයුක්ත සන්නිවේදනය මිනිසා ජීවත්වන පරිසරයට අදාළව සමස්ත ලෝක පද්ධතියට අදාළව වෙනස් වන්නා වූ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එහෙයින් සන්නිවේදනය මානව හා සමාජ අවශ්‍යතා සමග බද්ධ ක්‍රියාවලියක් බවට පත්ව ඇත. 
                                                   සන්නිවේදනය යන්න ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කරන්නේ ''Communication'' යන්නයි. මෙම ඉංග්‍රීසි භාෂිත වචනය ද විවිධ අර්ථ ඇතිව විවිධ රටවල ව්‍යවහාර කරනු ලබයි. ලතින් භාෂාවෙන් කිසියම් දෙයක් කරන්නා හගවන වචනය Minis යනුවෙන් හදුන්වනු ලබයි. ජනයා අතර පවතින නොහොත් රැදී යන අර්ථ ගැන්වෙන සේ Minus යන වචනය පසුව ''Communis'' බවට පත්ව ඇත. මෙම අර්ථය ද තව දුරටත් වෙනස් වී ''   Communicare'' බවට පත්ව ඇත. මෙහි තේරුම වන්නේ පොදු බවට පත්කිරීම, ආමන්ත්‍රණය, බෙදා ගැනීම, කතා කිරීම හා සහසම්බන්ධතාවය යන්නයි. භාවිතයේ පහසුව තකාත්, පසුකාලීන භාෂාත්මක යෙදුම් අනුව ''Communication'' යන්නට පෙරළී ඇත. වර්තමාන ඉංග්‍රීසි භාෂාවේ ජාත්‍යන්තර මට්ටමින් ''Communication    '' යන්නෙන් වහරනු ලබයි. 
                                              සමාජ පැවැත්ම සදහා අවැසි යම් පුද්ගලයෙකුට තනිව සියලුම කාර්යයන් සිදු කළ නොහැකිය. ඔහු ඒ සදහා විවිධාකාර සබදතා ගොඩනගා ගනී. සාමාජික සබදතා, ආර්ථික සබදතා, දේශපාලනික සබදතා, අධ්‍යාපනික සබදතා, සංස්කෘතික සබදතා හා සාපේක්ෂ වූ එකී ක්‍රියාදාමය සන්නිවේදනය මත රදා පවතින බව පෙනේ. සමාජ ජවය නිර්මාණය කිරීමෙහිලා අතීතයේ සිට සමාජානුයෝජක වර්ධකයක් ලෙස සන්නිවේදනය හැදින්විය හැකිය. සමාජයෙන් තොර පුද්ගලයෙක් ද, පුද්ගලයාගෙන් තොර සමාජයක් ද මෙන්ම, සන්නිවේදනයෙන් තොර සමාජයක් ද, සමාජයෙන් තොර සන්නිවේදනයක් ද නැත. නමුත් කාලය නැමැති බලවේගය හමුවේ සන්නිවේදනයේ ස්වරූපය වෙනස් වනු ලබයි. සන්නිවේදනය ඒක පුද්ගල හෝ ඒක දේශික නොවන්නකි. මෙය විශ්ව මූලික ක්‍රියාවලියකි. නමුත් භාවිතයේ න්‍යාය නොහොත් ක්‍රමවේදය අන්තර් සංස්කෘතික විෂමතා අනුව වෙනස් වෙයි. සන්නිවේදනය නිර්මාණවාදී මතයට හෝ පරිණාමවාදී මතයට අදාළ වූවක් නොවේ. මේ ද්විත්ව මතයන්හි මැදිහත්කරු සේ ක්‍රියා කරයි. 
                                         සන්නිවේදනයේ සැබෑ ස්වරූපය වර්තමානයේ භූගෝලීය වශයෙන් වෙන්වී ඇති රටවල් එක් නිමේෂයකදී එකතු කිරීමට ත්‍රම් සමත් ය. අන්තර්වර්තී සන්නිවේදනය ඔස්සේ ත්මාට හා නොපෙනෙන භූත වස්තූන්ට හඩ ගෑ මානවයා, දෙවන පියවරේදී පුද්ගලාන්තර සන්නිවේදන ස්වරූපයන්ට යොමු විය. එය වර්ධනය කර ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලන යන ප්‍රවාහයන්ට අනුව සාමූහික සන්නිවේදනයේ තෙවන පියවර ජයගත්හ. 
                                             පසුව පැමිණි ලෝකයේ පර්යේෂණ, විද්‍යාත්මක හා තාක්ෂණික තත්ත්වයන් නිසා මිනිසා ජලය, අවකාශය, යකඩ යනාදී අසීරු ස්වාභාවිකත්වයන් විනිවිද දැක එය ජනමාධ්‍ය භාවිතාව හරහා ලොවට පසක් කළහ. එහිදී, ඒ ඒ රාජ්‍යයන්හි දේශ සීමා තරණය කොට විහිදෙන මෙකී තොරතුරු නොහොත් ප්‍රවෘත්ති ප්‍රවාහය හේතු කොටගෙන ජගත් ජන කණ්ඩායම ''ලෝක ව්‍යාප්ත'' ගම්මානයක් බවට පත්වී ඇතැයි ආතර් සී ක්ලාක් පැවසුවේ ය. 
                                             මාර්ෂල් මැක්ලූහන් විසින් ඉදිරිපත් කොට ඇති විශ්ව ගම්මාන සංකල්පය [Global Village Concept] විශ්ව පවුලකින් [Global Family] හා විශ්ව මිනිසාගෙන් [Global Man] කේන්ද්‍ර වනු ඇතැයි ඇතැමෙක් අර්ථකථන එකතු කළහ. 
                                                 මෙයින් පෙනෙන්නේ පුරාණ පරිසරානුගතව ජීවත් වූ මානවයාගේ සිට 21 වන සියවසේ ''විශ්ව පවුල'' තරමට සමස්ත ලෝක පද්ධතියම මෙහෙයවා ඇත්තේ සන්නිවේදනය නම් අපූර්ව ක්‍රියාදාමය බවයි.

No comments:

Post a Comment