- මහජන සම්බන්ධතා යනු කිසියම් සංවිධානයක් හා එයට අදාළ ජනතාව අතර අනොන්‍යය අවබෝධය ස්ථාපිත කර පවත්වාගෙන යෑම සදහා සිතා මතා සැලසුම් සහගතව ඉවසීමෙන් යුතුව දරණු ලබන ප්රයත්නයකි. [ බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනය ]
- මහජන සම්බන්ධතා යනු ප්රවණතා විශ්ලේෂණය ඒවායේ ආදීනව පිළිබදව පුරෝකථනය, සංවිධාන නායකයන්ට උපදෙස් දීම, සංවිධානමය හා මහජන අභිලාශයන්ට ආධාර වන සැලසුම් සහගත කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිළිබද සමාජ විද්‍යාවක් හා කලාවක් වේ. [ මහජන සම්බන්ධතා ජාත්‍යන්තර සමුළුව මැක්සිකෝ නිර්වචනය ]
- මහජන සම්බන්ධතාව යනු අනොන්‍යය වශයෙන් සතුටු දායක වන ද්විපාර්ශ්වික සන්නිවේදනය පාදක කොට හොද චරිතයෙන් හා වගකීම් සහගත කාර්යය සාධනයෙන් ජනමතය කෙරෙහි බලපෑමට යොදා ගන්නා සැළසුම් සහගත ප්රයත්නයකි. [ක්ට්ලිෆ් සහ සෙන්ටර් ]
- මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් හා එයට අදාල ජනතාව අතර අනොන්‍යය අවබෝධය හා කීර්තිනාමය ගොඩ නැංවීම හා පවත්වාගෙන යෑම සදහා ගනු ලබන සැලසුම් සහගත හා කල් පවත්නා සියලු ප්රයත්නයන් ය. [ ඉන්දියානු මහජන සම්බන්ධතා ආයතනය ]
- මහජනයා වෙත කරනු ලබන තොරතුරු සම්පාදනය මහජනතාවගේ ආකල්ප හා ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සදහා ඝෘජුවම ඔවුන් කෙරෙහි කෙරෙන පෙළඹවීම ආයතනික ආකල්ප හා ක්‍රියාවන් එහි මහජනතාව සමග එක් කිරීමටත් මහජනතාවගේ ආකල්ප හා ක්‍රියාවන් එම ආයතනය සමග එක් කිරීමටත් දරනු ලබන උත්සාහය [ එඩ්වඩ් එල්. බර්නීස් ]
- මහජන සම්බන්ධතා යනු සමාගමක් හෝ ආයතනයක් විසින් විවිධ ජන කොටස් සමග අනොන්‍යය සබදතා ඇති කිරීමට කරනු ලබන සැලසුම් සහගත හා සංවිධිත ප්රයත්නයයි [පිලිප් ඔල්ටි හා එඩ්වින් එමරි ]
- සමාගමක් තම ආයතනය හා මහජනයා අතර හොද හිත වර්ධනය කර ගැනීම සදහා ගනු ලබන උත්සාහය
- එබදු හොද හිත ඇති කිරීම සදහා කරනු ලබන ක්‍රම විධීන් [ රැම්ඩම් හවුස් කොලීජි ශබ්ද කෝෂය]
- මහජන සම්බන්ධතා පැහැදිලිවම කළමනාකරණ කර්තව්‍යයකි. මහජන සම්බන්ධතා නැමැති මෙම කළමනාකරණ කර්තව්‍ය මගින් යම්කිසි සංවිධානයක් හා පොදු ජනතාව අතර සන්නිවේදනය, අවබෝධය පිළිගැනීම හා සහයෝගය ඇති කිරීමට ද පවත්වාගෙන යෑමට ද පිටි වහලක් සපයයි. මහජන සම්බන්ධතා මගින් ගැටලු හෝ අර්බුද කළමනාකරණය පහසු කරවයි. [ රෙක්ස් හාලෝ ]
- යම්කිසි සංවිධානයක් හා එහි ජනතාව අතර අනොන්‍යය අවබෝධය ගොඩ නගනු පිණිසත් එය පවත්වාගෙන යෑම සදහාත් සියුම් ලෙස සැලසුම් කල අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතා වේ. [ලන්ඩන් මහජන සම්බන්ධතා ආයතනය ]
- ප්‍රායෝගික මහජන සම්බන්ධතාව වනාහි මහජන සම්බන්ධතාව සදහා උත්සාහ කරනු ලබන කිසියම් සමාගමක, සංවිධානයක පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සහ සුභ සාධනය දියුණු කරලීම සදහා වෘත්තීමය වශයෙන් කරනු ලබන සාර්ථක සම්බන්ධතා ක්රියාදාමයකි. [ සෑම් බ්ලැක් ]
- යම්
ආයතනයක්, සංස්ථාවක් හෝ පුද්ගලයෙක් පිළිබදව ජනතාව අතර යහපත් ආකල්පයක් ඇති කිරීමට ගන්නා
ක්‍රියාමාර්ගය මහජන සම්බන්ධතාව වේ. [New Encylopebia]
- මහජන සම්බන්ධතාව යනු හොද හිතකින් ගලා එන පැහැදිලි අදහස් සමුදායක් වේ. [ චාල්ස් ප්ලැකාඩ් ]
- සංස්ථාවක, සමාගමක, රජයක හෝ වෙනත් අයිතිකරුවන් මෙන්ම පොදුවේ මහජනතාව සමග පරිසරයට ගැළපෙන පරිදි අර්ථවත් මහජන සම්බන්ධතා ඇති කර ගැනීමෙහි සහ පවත්වාගෙන යාමෙහි ක්‍රියාදාමය මහජන සම්බන්ධතාවයි. [ වෙබ්ස්ටර්ගේ නව කෝලිගේට් ශබ්ද කෝෂය ]
- මහජන සම්බන්ධතා යනුවෙන් අදහස් කෙරෙන්නේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයක් හෝ සේවවක් වෙනුවෙන් යම්කිසි සමාගම් හෝ සංවිධානයක් සදහා ජනතාව තුළ ප්‍රියජනක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි. [ බිට්නර් ]
- යම්
පුද්ගලයෙක්, අදහසක්, කණ්ඩායමක් හෝ ව්‍යාපරයක් පිළිබද මහජන රිචිකත්වය හා යහපත ඇතිවන
පරිදි ඉදිරිපත් කෙරෙන බලපෑම් කල විග්රහාත්මක කලාවකි. [The
Encyciopeda Mericana ]
- සමාජ
විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය, භාෂා ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, සන්නිවේදනය හා විෂයන්
සම්බන්ධ කර ගැනීමට දරනු ලබන උත්සාහය මහජන සම්බන්ධතාව නම් වේ. [Herbert
M. Baus ]
- මහජන
සම්බන්ධතාව යනු මහජනතාව ගැන උනන්දුවෙන්, මහජන ආකල්ප තක්සේරු කරන පුද්ගලයන්ගේ හෝ සංවිධානයක
ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් හදුනාගනිමින් කළමනාකරණය කිරීම, මහජනතාව තේරුම් ගැනීම
සහ ඔවුන්ගේ පිළිගැනීමේ ක්‍රියාදාමයක් ඇති කිරීමයි
[Dany Gris World]
- මහජන
සම්බන්ධතා යනු පාරිභෝගිකයෙකු හෝ පාර්ශවයක් වෙනුවෙන් ආකල්ප හා චර්යයාවන් වෙනස් කිරීමටත්,
සම්පාදනය කිරීමටත් යොදා ගනු ලබන සංවිධානාත්මක පරිශ්රමයකි. [Bertand
R. canfield and H. Frazier ]
- මහජන අවශ්‍යතා විග්රහ කිරීම හා මහජන ආකල්ප නිරවුල්ව ඉදිරිපත් කිරීම
- කිසියම් සංස්කෘතිකමය ප්‍රතිපත්ති හා ව්‍යාපාර පිළිබදව අදහස් පැහැදිලි කරමින් එහි අරමුණ විවරණයක් කිරීම
- මහජනතාවගේ පැහැදීම ලබා ගනු පිණිස දියත් කල යුතු ව්‍යාපාර සදහා සැලසුම් සම්පාදනය කිරීම හා අවස්ථානුකූලව ඒවා වෙනස් කිරීම [ Cyril C. Plutt ]
- සංවිධානයකට අදාළ ජන කණ්ඩායම්
හා පවත්වන සබදතා හොද සබදතා ඇති කර ගැනීමට යොදා ගන්න ක්‍රම සහ විධිසබදතාවල ගුණාත්මකභාවය
හෝ තත්ත්වය [ ස්කොට් කට්ලිප් සහ ඇලන් එච්. සෙන්ටර්
- කිසියම් සංවිධානයක් හා එහි මහජනයා සමග සුහදව කටයුතු කිරීමේදී එකිනෙකාට ඔවුනොවුන් සමග ගනුදෙනු කිරීමට උපකාරී වන්නේ මහජන සම්බන්ධතාවයයි.
- විවිධ ජන කොටස් ජය ගැනීමට කිසියම් සංවිධානයක ඇති උත්සාහය මහජන සම්බන්ධතාවයයි. [ ඇමෙරිකානු මහජන සම්බන්ධතා සමාජය ]
Saturday, April 27, 2019
Definitions Of Public Relations
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment