ගීතය
තුළ උසස් වින්දනයක් ලැබීම සදහා තුන් ආකාරයක සම්බන්ධතාව වැදගත් වේ. ඒ ගේය පද රචකයා,
තනෞ නිර්මාණය කරන්නා සහ ගායකයා වෙයි. කලාතුරකින් මිනිසාට පිහිටන නිර්මාණාත්මක ප්‍රතිභාව
කරණ කොටගත් මා හැගි රචකයා විශ්ව විද්‍යාල ජීවිතය හා බාහිර සමාජයේ දෙහදක හටගත් ආදරය
තුළ අතරමං වී සිටින්නා වී පරිවර්තන නොහොත් යුග දෙකක කතාව නිර්මාණකරුවාගේ ස්වභාවය තුළ
අපූරුවට රචනා කොට ඇත. සිවිල් සමාජය වනාහී වඩා විවෘත වූ ද නිදහස් වූ ද නිර්ව්‍යාජ වූ
ද විවිධ සංස්කෘතීන්ගෙන් ගහණ වූ ද සමාජ ක්‍රමයකි. එහි දී තරුණයෙක් තරුණියකට පෙම් බදී.
ඔවුන් නව යෞවනත්වය තුළ උසස් අධ්‍යාපනය ලබයි. මහා සමාජයේ ඒ ඒ ස්ථානවල ඔවුන් මුමුණා ඇත.
හමුවී ඇත. එක්ව අධ්‍යාපනය ලබා ඇත. දෙදෙනාට වූ සුන්දර මතකයන් හා ජීවිත සුවදක් ශේෂව ඇත.
ශ්‍රී ලාංකේය ජන සමාජයේ විශ්ව විද්‍යාල ප්‍රතිශතයට හසුවන්නා වූ අතලොස්සක් වූ තරුණ තරුණියන්
අතරින් තරුණයාගේ දෛවය නැවතත් සිවිල් සමාජයටම සීමා වී තරුණිය විශ්ව විද්‍යාලය කරා යයි.
විශ්ව විද්‍යාලය යනු උප සංස්කෘතිකාගාරයකි. එහි දී ආදරය මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවයකි.
''හන්තානට පායන
සද ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුර
හද ඔබට හැකිය දකින්න''
විශ්ව
විද්‍යාල පරිසරය තුළ සුන්දර අසුන්දර සියල්ල ඇත. නමුත් ගිල ගත් තාරුණ්‍යයේ සොදුරු වූ
නැවුම් නිමේෂයන් පරිසරය දෙස බලන කල්හි කිති කවනු ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාරිසරික
ස්වාභාවය ද එම විශ්ව විද්‍යාල භූමිය තුළ සැරිසරන විටෙක විද්‍යාර්ථීන්ගේ ද විටෙක පෙම්වතුන්ගේ ද ලස්සන තමා විසින් බාහිර සමාජයෙන්
දකින ලද තම පෙම්වතාගේ හා එකී සමාජ චක්‍රයේ හාත්පසින් වෙනස් වූ ප්‍රතිරූපයකි. පිරිපුන්
තාරුණ්‍යය තරුණයාගේ ඇසින් අප රචකයා තම හදවතට ගෙන තරුණියගෙන් හන්තානට පායන සද ලස්සනයිද
? මා හට බාහිර සමාජයේ සිට දකින්නට ලැබෙන්නා වූ මෙකී සද සහ නුඹ විසින් පූර්ණව දකින පුර
හද [අත්දැකීම් ප්‍රස්තුතය] මම සැබෑ ලෙස දකිමි. එම නිසා නුඹ විසින් ගොඩනගන, පිය නගන
එකී සුන්දර පුර හද යටින් හුදෙකලා නොවී තවත් එක් කුඩයක් යටින් තවකෙකු ගමන් කිරීම මගේ
සතුටට බාධාවක් නොවේ. විශ්ව විද්‍යාල සෞන්දර්යය තුළ කැමති හෝ අකමැති ලෙසින් තිමිර වළා
පටල හෝ අදුරු වළ පටල නුඹ විසින් වෙළාගනු මම දකිනුයේ නුඹ මට පුර හදක් වූ නිසා ය.
''අදුරු වළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් නුඹ
යන කළ එපා තනිය දැනෙන්න’’
සරසවි
ජීවිතයේ කුඩේ යනු ද්විපාර්ශ්වික බැදීමකි. ඕනෑම සරසවියක බිමක් ආදරවන්තයන් තුළින් තෙමෙනු
ඇත. මිනිසා විසින් ආදරය දකින්නේ ද, ආදරය විදින්නේ ද නිර්ව්‍යාජව කෙටි කලකට පමණි. කෙමෙන්
කෙමෙන් අපේ ජීවිත තුළින් ආදරයේ සොදුරු ආත්මීය මතකයන් අප තුළින් මැකී යනු ඇත. සරසවියේ
ගස් මුල වාසය කරන්නෝ තරුණයෝ ය. අප රචකයා මෙතෙක් කල් තිබූ සෞන්දර්යය රීතිය කාන්තාවකට
ලතාව උපමා කිරීමේ ක්‍රමවේදය හැරපියා ''ලතා මඩුලු'' නම් විශේෂණයක් ගෙන ලතා මඩුලු නැමැති
පිරිමියා විශ්ව විද්‍යාල පරිසරය තුළ ජේත්තුකාරයෙක් කරවයි.
''ලතා මඩුලු අත
වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි
කර මහවැලියට දමන්න''
පිරුණු
ඇස් කන් ඇති සුන්දර තරුණිය කෙරෙහි විශ්ව විද්‍යාලය නැමැති උප සංස්කෘතිය තුළ බුර බුරා
පැන නගින තරුණ මානසිකත්වයේ යෝජනා එමට ගලා එනු ඇත. එය තරගයක් ද වන්නේ ය. කාන්තා ලාලිත්‍ය
කෙරෙහි පිරිමින්ගේ ආකර්ෂණය ගලා එන විට අප කතා නායිකාවට බාහිර සමාජයේ මතකයට නොහොත් ආදරයට
තීන්දුවක් හා තීරණයක් ගැනීමට සිදු වේ. විශ්ව විද්‍යාලයට පය නොතැබූ නමුදු කථකයාගේ ඇසින්
පෙනී සිටින අප තරුණයා උගත් බව පෙනේ. සිත කීරි ගැසෙන සේ තරුණියට අමුතු යෝජනාවක් කරයි.
ඒ නුඹ විතරක් තනිවී ඇති අදුරට පෙනෙන සරසවි බිම තුළ තමා බලාපොරොත්තු වූ පුර සද තවකෙකු
නමින් පායන්නට හා විශ්ව විද්‍යාලය අසලම පිහිටි මහවැලිය නැමැති ලංකාවේ දිගම ගගට තමන්
පිළිබදව වූ මතකය ගුලි කර දමන ලෙසයි. ප්‍රේමයට වඩා ආදරය බොළදය. තරුණ කළ ආදරය කළ ඕනෑම
අයෙකුට මියයන තෙක් ප්‍රේමය කළ හැකිය. නමුත් ආදරය හා ප්‍රේමය තුළින් විරහව උපන්හ. අප
රචනය ද සංගීතය ද ගායනය ද අතීතයක් නැති මතකයට ගෙනැවිත් අපූර්වත්වය සමගින් කදුළක් ද ශේෂ
කරයි. ඒ රුසියානු ප්යෝදාර් දොස්තයේව්ස්කිගේ ''දිවා රැය'' නම් නව කතාවේ ''ආන්යා නුඹ
සිටපන්, ආන්යා නුබ පලයන්, ආන්යා නං යන්නන්'' යන සමුගැනීමට සමාන කරවයි.
No comments:
Post a Comment