මානව භාෂාවේ උපත සම්බන්ධයෙන්
විවිධ මත පවතී. භාෂාව පිළිබදව පරිණාමවාදී මතය හා නිර්මාණවාදී මතය එයින් ප්‍රධාන වේ.
එයට අමතරව ක්‍රි.ව. 1746 දී ඉදිරිපත් කළ කොන්ඩිලැක්ගේ මතය, 1871 දී ඉදිරිපත් කළ චාල්ස්
ඩාවින්ගේ මතය, පාෂානිභූත හිස් කබල් ඇසුරෙන් ලැබෙන සාක්ෂි, සත්ත්ව සන්නිවේදනය ඇසුරෙන්
ලැබෙන සාක්ෂි හා පොදුවේ ශබ්ද අනුකරණයෙන් භාෂාව උපත ලැබූ බවට තිබෙන සාක්ෂි ද ගත හැකිය.
මානව භාෂාව කවදා, කවුරුන් විසින්, කොතැනදී කෙසේ නිෂ්පාදනය කළේ දැයි කිසිවෙකුට කිව නොහැකිය.
එය තවමත් මිනිසුන් විසින් සොයා නොගත් දෙයකි. මානව වංශ කතාව ඉතා දිගු අතීතයක් සහිත පරිච්ඡේද
ගණනාවකි. එහි දී භාෂාවේ ඓතිහාසික විකාශනය ගවේෂණය යනු සරල දෙයක් නොවේ.
මානව භාෂාව බිහි
වූයේ සමාජ අවශ්‍යතාවක් ලෙසිනි. කාලයට සාපේක්ෂව මිනිසා විසින් අදහස් ප්‍රකාශ කිරීම සදහා
භාවිතා කළ ආංගික අභිනය, සාත්ත්වික අභිනය, ආහාර්ය අභිනය ප්‍රමාණවත් නොවූයෙන් දෙවන පාර්ශවයට
යමක් දැනුම්දීමේ විධිමත් ක්‍රමවේදයන් සොයා බැලීමේ දීර්ඝ ප්‍රතිඵලයක් ලෙස භාෂාව නිෂ්පාදනය
විය. භාෂාව යනු මිනිසා විසින් සන්නිවේදනය කිරීම සදහා භාවිත කරන දියුණු හා විශිෂ්ටතම
උපකරණයකි. මිනිසාගේ මානසික සංවර්ධනය හා කායික සංවර්ධනය සමබරව පිහිටීමේ ප්‍රතිඵලයක්
වශයෙන් භාෂාව ඊට අදාළ හේතුඵලවාදී ක්‍රියාවලියක් තුළ බිහිවූයේ යැයි පිළිගැනේ. පංචේන්ද්‍රියන්
නිසි ලෙස ක්‍රියාත්මක වීම හා මොළය තුළ සිදුවූ පරිණත පරිවර්තනයක් නිසා භාෂාවේ විකාශනය
ජීව විද්‍යාත්මක පද්ධතියට අයත් දෙයකි. එසේම භාෂාව මිනිසා භාවිතා කරන ලද්දේ අවස්ථානුකූල
සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සදහා මෙන්ම මූලික අවශ්‍යතා හා අරමුණු මුදුන්පත් කර ගැනීම
සදහාය. එම නිසා භාෂාව සමාජ විද්‍යාත්මක පද්ධතියට ද අයත් දෙයකි.
භාෂාව පිළිබදව ගවේෂණය
කරන්නෙකුට භාෂාව වනාහි ඒ ඒ රටවල සමාජවල ඒ ඒ අයුරින් නිපදවූ හා දියුණු වූ සන්නිවේදන
මාධ්‍යයක් බව පැහැදිලි වනු ඇත. ඉන්දු-යුරෝපීය භාෂා පවුල, ඉංග්‍රීසි-ප්‍රංශ හා ඉතාලි
යනාදී ප්‍රචලිත භාෂා පවුල් ගවේෂණය කිරීමේදී මේ බව පැහැදිලි වේ. එහි දී සිංහල භාෂාව
ද ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ අනු ප්‍රභේදයක් වන ඉන්දු ආර්ය ශාඛාවේ සාමාජික භාෂාවකි.
එම නිසා භාෂාව යනු අන්තර් සංස්කෘතීන්හි වෙනස්කම් සහිත නිර්මාණයකි. යම් සංස්කෘතියක ප්‍රධාන
කැඩපත භාෂාව බව ඇතමුන් ප්‍රකාශ කරන්නේ ඒ නිසාය.
මානවයා විසින් උපාර්ජිත භාෂාවට පසු
කලෙක ලිඛිත හෝඩියක් ද නිර්මාණය විය. කාලීන අවශ්‍යතා මත භාෂණ්ය - ලේඛනය තෙක් දියුණු
වීම භාෂා පරිණාමයේ විශේෂ සිද්ධියකි. නමුත් හීඩිය ද එකවර පහළ වූවක් නොවේ. එය රූපාක්ෂර
හා සංකේතාක්ෂර වල දිගුවකි. මානවයා මුලින් තමා ජීවත් වූ පරිසරයේ සාධක මත යමක් ප්‍රකාශ
කිරීමේ ක්‍රමවේදයන් තනා ගන්න ලදී. මුල් යුගයේ මානවයා තම ආහාරපාන සහ නිවාස වැනි අවශ්‍යතා
සපුරා ගැනීමේදී අභියෝගයන්ට මුහුණ දුන්හ. සතුන් දඩයම් කිරීමට විවිධ ආයුධ විශේෂ අවශ්‍ය
විය. ඒවා දිගු උල් හැඩැති පාෂාණ හා දැවමය ආධාරයෙන් තැනූහ. එම ආයුධ තම අවශ්‍යතා සදහා
වූ උපකරණයක් විය. නිවාස ත්නා ගැනීමේදී කුඤ්ඤ අවශ්‍ය විය. යම් සතෙකු දඩයම් සදහා උගුලෙහි
ලෑමට කුඤ්ඤ අවශ්‍ය විය. මෙසේ කුඤ්ඤ භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක මානවය ලිඛිත
ක්‍රමයක් හරහා යමක් ප්‍රකාශ කිරීමේදී තමාගේ සිතෙහි විද්‍යාමාන වූ තමා භාවිත කළ කිඤ්ඤ
හැඩයේ අකුරු මුල් ක්‍රමයේදී ඉස්මතු විය. ඒවා පසු කලෙක විද්වතුන් හැදින්වූයේ කුඤ්ඤාක්ෂර
යනුවෙනි. අදටත් ලෝකයේ විවිධ රටවල භාෂා ලේඛනයේ උල් හැඩයේ අකුරු ඇත. මානව ලේඛනයේ චිත්‍ර
වැනි අක්ෂර ද දැකිය හැකිය. එය මුල් යුගයේ රූප නොහොත් ඔවුන් විසින් යම් තැනක අදින ලද
චිත්‍ර පසුබිම් කොට ගත් පසු කලෙක ලේඛන භාවිතාවකි. චිත්‍ර වැනි අක්ෂර පසු කලෙක ඔවුගෙන්
ඉස්මතු විය. ඒවා රූපාක්ෂර නොහොත් චිත්‍රාක්ෂර ලෙස විද්වතුන් හැදින්වූහ. එසේම අතීත මානවයා
යම් පුද්ගලයෙක්, ස්ථානයක්, සිදුවීමක් හා ක්‍රියාවක් හැගවීම සදහා සංඥාර්ථ භාවිතා කළ
අවස්ථා විය. බුදු හිමියන්ගේ රුව වෙනුවට ධර්ම චක්‍රයම් අදහස්ක් ය හෝ එවැනි බෞද්ධ සංකේතයක්
භාවිතා කිරීම එයට නිදසුනකි. යම් අදහසක්, පණිවුඩයක් හෝ ප්‍රකාශනයක් සදහා සංකේතයක් අක්ෂරයක්
ලෙස භාවිතා කිරීම තුළින් සංකේතාක්ෂර බිහිවිය.
චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල භාවිතා
කරන ලේඛනයේ අදටත් ප්‍රාථමික අක්ෂරවල හැඩය නොහොත් නිරූපනයන් ඇත. කොටු, පැතලි, උල් හැඩැති,
චිත්‍රයක් මෙන් අක්ෂර කලාවක් අදටත් දැකිය හැකිය. මානවයා ජීව විද්‍යාත්මක අනුකරණවාදී
හා සමාරෝපිතවාදී සත්ත්වයකු බව භාෂණය හා ලේඛනය පිළිබදව අධ්‍යනය කරන විට කැපී පෙනේ. බොහෝ
විට ඉංග්‍රීසි, සිංහල හා දමිළ ලේඛනයන් සංකේතාක්ෂර මගින් සන්නිවේදනය කරයි. කාලයක් තිස්සේ
මිනිසා විසින් භාවිතා කරන ලද උපකරණ හා මෙවලම් මෙන්ම ඇදහිලි , විශ්වාස හා ආකල්ප ඔස්සේ
ගොඩනැගුණු සංකේත නිර්මාණාත්මකව පසු කලෙක ලේඛනයක හැඩය ලෙසින් ද , ලේඛනය ලෙසින් ද ඉස්මතු
විය. එම නිසා අකුරක් යනු දිගු කාලයක් තිස්සේ පරිවර්තනයන්ට ලක් වූ සන්නිවේදන සංකේතයකි.
ලේඛනයට භාෂණයට වඩා රීති සමුදායක් ඇත. ලේඛනා භාෂාවට ව්‍යාකරණ හා රීතීන් ඇත. අදහස් ප්‍රකාශනයේදී
එය වැදගත් වේ. ලේඛනය එක්තරා කලාවක් වන්න සේම විද්‍යාවක් ද වේ. එසේම ප්‍රමිතියක් ඇත.
යමෙකුට කෙසේ හෝ කතා කළ හැකි නමුත්, විධිමත් ලෙස හා අවස්ථාවට උචිතව ලේඛනයේ යෙදීම අපහසු
විය හැකිය. කෙසේ හෝ නූතන හා අද්‍යතන මානවයා වියවහාරික භාෂාවේ ද ලේඛනයේද කොටස්කරුවෙකි.
No comments:
Post a Comment