Sunday, July 28, 2019

මාලි රාජ්‍යයේ මාධ්‍යය


මාලි රාජ්‍යය තුලද පහත සඳහන් මාධ්‍යයන් භාවිතයට ගනී
1.රූපවාහිනිය
2.අන්තර්ජාලය
3.පුවත්පත් (මුද්‍රිත මාධ්‍යය)
4.ගුවන් විදුලිය
එරට පවතින දරිද්‍රරතාවය මෙන් ම අඩු සාක්ෂරතා මට්ටමද හේතුකරගනිමින් පුවත් පත් වලට මෙන් ම රූපවාහිනියට ද ප්‍රවේශ වන්නන් ගේ ප්‍රමාණය සීමා සහිත වී තිබේ. එම නිසා මාලී හි ප්‍රමුඛතම මෙන් ම ප්‍රචලිත ම මාධ්‍යය වන්නේ ගුවන් විදුලියයි. මාලී හි ගුවන් විදුලි මධ්‍යස්ථාන 125 ක් පමණ තිබෙන අතර එක් රූපවාහිනි මධ්‍යස්ථානයක් ද පවතී.
කලින් පැවති රජයන් යටතේ මෙහි මාධ්‍යයන් ස්වාධීනව පැවති අතර , මේ වනවිට ආණ්ඩු පක්ෂපාතිත්වයක් මාධ්‍ය තුල පවතින බවක් දක්නට ඇත. මීට අමතරව විදේශීය ගුවන් විදුලි වැඩසටහන් මාධ්‍ය හරහා පුළුල් ලෙස ලබා ගත හැකි අතර විශේෂයෙන් ම විදේශීය චන්ද්‍රිකා හා කේබල් රූපවාහිනි  සඳහාද ප්‍රවේශ වීමේ හැකියාව මෙහි පවති.
බහු පාර්ශවීය ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ කිරීමත් සමඟ 1992 සිට මෙරට මුද්‍රිත මාධ්‍යයන් ගේ ව්කාශණය සිදු වී ඇත. 2003 වන විට ප්‍රංශ , අරාබි සහ විවිධ ජාතික භාෂා වලින් ප්‍රකාශයට පත් කරන ලද මුද්‍රිත මාධ්‍ය ( පුවත් පත් හා සඟරා ) ගණන 42 ක් වේ. මේවා තුල ආණ්ඩුව විවේචනය කිරීම් සඳහා ද අවසර ලබා දී තිබිම විශේෂත්වයකි.
මාලි රාජ්‍යය තුල කථා කිරීමේ මෙන් ම පුවත්පත් නිදහස සහතික කරනුයේ ව්‍යවස්ථාවෙන් මෙන් ම එරට රජයෙනි. මෙහි සන්නිවේදන කවුසිලය මගින් එරට මාධ්‍ය පාලනය කරනු ලබන අතර රූපවාහිනි මෙන් ම ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු නියාමනයට වගකීම පැවරී ඇත්තේ ( URTEL ) ආයතනයට වේ. පුවත්පත් දැන්වීම් රජයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව තුල ලියාපදිංචි  විය යුතු අතර  ඒවා පිළිබඳව සොයා බැලීම රජයේ අමාත්‍යංශයෙන් සොයා බැලීම සිදු වේ.
මැතිවරන සමයන් හිදී රජයේ මාධ්‍යය න් වලට සමාන ප්‍රවේශයක් ඇති අතර ඇති අතර එය නිරීක්ෂණය සඳහා රජයේ ව්‍යවස්ථානු කූල කන්ඩායමක් පත් කර ඇති අතර ඔවුන් සියළු මැතිවරණ කණ්ඩායම් වලට සමාන ප්‍රවේශයක් ආණ්ඩුවේ පාලිත මාධ්‍ය තුල ඇති බව තහවුරු කළ යුතුය.
රජය විසින් අන්තර්ජාලයට පිවිසීම සීමා නොකරන අතර අන්තර්ජාලය සඳහා ප්‍රවේශ වීමට පරිගණක භාවිතය හා සේවාදායක මෙහෙයුම් කිරීමේ අවස්ථාවන් සීමිත ව පවති.

ගුවන් විදුලි නාලිකා
මාලි හි ප්‍රථම ගූවන් විදුලිය 1957 වසරේ ආරම්භ කෙරුණු අතර එය මාලි ජාතික ගුවන් විදුලිය වුන අතර ( එම ගුවන් විදුලිය ''සොඋඩාන්'' රේඩියෝව ලෙස හැඳිවූ අතර එය නිදහසින් අනතුරුව රේඩියෝ මාලී ලෙස හඳුන්වනු ලැබීය ) 1993  වසරේ  ගුවන් විදුලි නාලිකා 2ක් බිහිවූ අතර මේවා මාලි හි ජාතික ගුවන් විදුලි ආයතනය තුලින් එෆ් එම් සම්ප්‍රේශණය සිදු කරන ලදී. මෙම ගුවන් විදුලි නාලිකා රජයේ ගුවන් විදුලි නාලිකා වන අතර   FM රේඩියෝ කලාපය තුල පෞද්ගලික ගුවන් විදුලි නාලිකා 150ක පමණ ප්‍රමාණයක් ඇත. මෙරට වඩාත් ම ප්‍රචලිත මාධ්‍යය ලෙස ගුවන් විදුලිය හැඳින්විය හැකිය.
මාලි රාජ්‍යය තුල පවතින ග්‍රාමීය ප්‍රදේශ වල ගුවන් විදුලි විකාශණය ප්‍රභලව සිදුව ඇති අතර දේශීය භාෂාවන් වලින් ගුවන් විදුලි විකාශණය තුලින් එම ප්‍රදේශවල සිටින පුද්ගලයන් ගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහල යාම සඳහා මහත් වූ කාර්යයන් රැසක් ගුවන් විදුලිය මගින් ඉටු වී ඇත. මෙහිදී , ජන ජීවිතයට බලපාන්නා වූ කරුණු සමාජගත කිරීම විශේෂයෙන් සඳහන් කිරීමට හැකිය. මෙම ගුවන් විදුලි නාලිකා අන්තර්ජාලය ඔස්සේ ද වැඩි වැඩියෙන් විකාශණය වී ඇත. නමුත් අද වන විට මාලි රාජ්‍යයේ ඇතැම් ගුවන් විදුලි මාධ්‍ය ආයතන මුහුන දෙන ප්‍රධාන තම ගැටළුවක් වී ඇත්තේ මෙම ආයතන පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන ආර්ථික වාසි හා තාක්ෂණික මෙන් ම නඩත්තු වියදම් සපයාගැනීමේ  අපහසුතාවයයි.
මෙහි පවතින විශාල වූ වැදගත් අවස්ථා ආවරණය සඳහා  ගුවන් විදුලි නාලිකා මෙන් ම රූපවාහිණි නාලිකා ද එක් ව කටයුතු කරන අවස්ථා දක්නට ලැබේ, මෙහිලා උදාහරණ ලෙස 
·         1997 වසරේ මාලි රාජ්‍යයේ පැවති ව්‍යවස්ථාදායක මැතිවරණය පැවැත්වීම ආවරණය
·         පාපන්දු තරඟ ආවරණය 
දැක්විය හැකිය.
මාලි රාජ්‍යයේ පවතින ගුවන් විදුලි මධ්‍යස්ථාන වල නම් කිපයක් :

1.      මාලි (රේඩියොලිෆීෂන් ටෙලිවිෂන් ඩිඩි) (ORTM) (ජාතික සහ කලාපීය මධ්‍යස්ථාන ජාලය)
2.      රේඩියෝ බමකන් (ප්‍රජා මධ්‍යස්ථාන, බමාකෝ)
3.      රේඩියෝ බෙන්කන් (බමාකෝ)
4.      රේඩියෝ ඇල 2000 (බමාකෝ)
5.      ගුවන්විදුලි සංඛ්යාතය 3 (FR3) (වාණිජ, බමකෝ)
6.      රේඩියෝ ගුවන්තන් (බමෝකෝ)
7.      රේඩියෝ කයිරා (බමාකෝ)
8.      රේඩියෝ ක්ලූඩු (වාණිජ, බමාකෝ)
9.      රේඩියෝ ලිබර්ට් (වාණිජ, බමාකෝ)


10.  රේඩියෝ පැට්රියෝට් (වාණිජ, බමාකෝ)
11.  රේඩියෝ රිරාල් (ප්‍රජා මධ්‍යස්ථාන ජාලය)
12.  රේඩියෝ ටැබල් (බමාකෝ)
13.  Voix du Coran (ඉස්ලාමීය ස්ථානය, බැමාකෝ)

මාලි රාජ්‍යයේ පවතින ගුවන් විදුලි නාලිකා ගැන එරට URTEL හි සභාපති මවුසා කෙයිටා මෙසේ සිහිපත් කරයි.  "මෙරට පවතින අවසර ලත් රාජ්‍ය මාධ්‍ය ආයතනය (ORTM) යනු මාලිහි හඬ වන අතර දේශිය ගුවන් විදුලි මාධ්‍ය යනු මාලි හි ජනතාවගේ හඬ වන බවයි".

Radio France international (RFI) ප්‍රංශ ජාතික ගුවන්විදුලිය සවන් දෙන්නන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.එහි ප්‍රවෘත්ති වැඩසටහන් ආදිය බොහෝ දේශීය ගුවන් විදුලි නාලිකා වලින් ප්‍රචාරය කරනු ලැබේ. ප්‍රංශ ගුවන් විදුලි සමාගමට අයත් CanalSat Horizons සමඟ ග්‍රාහකත්වය හරහා ගුවන් විදුලියට සවන් දීමේ හැකියාව ඇත. බී බී සී සහ ඇමෙරිකානු ගුවන් විදුලි නාලිකාවන් හි විකාශන දේශීය ගුවන් විදුලි නාලිකා තුලින් ප්‍රංශ භාශාවෙන් ද ලබා ගැනීමට හැකියාව මෙම රාජ්‍යය තුල ඇත.

පුවත්පත් හා මුද්‍රිත මාධ්‍යය
මාලි රාජ්‍යයේ පුවත්පත් සඳහා වැඩි ප්‍රවනතාවක් ජනතාව අතර නොමැති වුවත් පුවත්පත් මාධ්‍ය මෙරට තුල පවති. දිනපතා පුවත්පත්, සතිපතා පුවත්පත් මෙන් ම මසකට වරක් මෙන් ම මසකට දෙවරක් හා වසරට දෙවරක් පලවන පුවත්පත් ද  පලවන පුවත් පත් ද මෙරට තුල දකින්නට හැකියාව ලැබේ. මාලි තුල පුවත් පත් මෙන් ම මුද්‍රිත මාධ්‍ය සඳහා වැඩි ප්‍රවණතාවයක් නොමැති වීමට හේතුව වී තිබෙන්නේ මෙරට සාක්ෂරතාවය ඉතා අඩු අගයක් ගැනීම වේ. ඊට අමතර ව මෙම රට මුඛ පරම්පරාගත රටක් ලෙසද හැඳින්වේ.
1949 වසරේ පිහිටුවන මාලි රජයේ පුවත්පතක් වන LEssor දිනපතා පුවත්පතේ බෙදා හැරීමේ ප්‍රමාණය දිනකට පුවත්පත් 3500ක් පමන වන් අතර මෙය ලංකාව හා සැසඳීමේදී ඉතා කුඩා අගයක් බව අපට පැහැදිලිය.
 1989 වසරේ දී ආරම්භ කරන ලද Less Echoes  තවත් එක් දිනපතා පුවත්පතක් වන අතර එම පුවත්පත පාලකපක්ෂයට සම්භන්ධවී පවත්වාගෙන ගිය තනි පුද්ගල පුවත්පත් ඒජන්සියක පුවත්පතක් විය. මෙහි පිටපත් 30000ක් පමණ දිනකට සංසරනය වී ඇති අතර මෙම පුවත්පතේ පාලන කටයුතු මාලි රාජ්‍යයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කරයි.
1992 වසරේ දී පිහිටුවන් ලද Le Ma-lien, Nouvel Horizon  සහ La Republicain  යන නම් සඳහන්  දිනපතා පුවත්පත් ස්වාධීන පුවත්පත් ලෙස හඳුන්වා ඇති අතර එසේ ස්වාධීන පුවත්පත් ලෙස හැඳින්වූ අඟහරු 26 හා Concord යන පුවත් පත්  පිහිටුවන් ලද්දේ 1988 දී ය.
මෙසේ මාලි වල ස්වාධීන පුවත්පත් වර්ධනය කිරීම සඳහා වැදගත් සාධක වූයේ  මාලී හි ආර්ථික මාධ්‍ය ජාලයේ සහ පුවත්පත් සංස්කාරකවරුන් ගේ  මෙන් ම පුවත්පත් නිකුත් කිරීමේ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමය. මීට අමතරව මාලි ජාල්තිකයින් ගේ ජාතික පත්තරවාර්තාකරුවන් ගේ සන්සදය ( National journalists Union of Mali )    නිරන්තරයෙන් තම සගයන් වෙනුවවෙන් පෙනිසිටිම් ඔවුන් ව වර්ධනය සඳහා අවශ්‍ය දැනුම මෙන් ම  උපදෙස් ලබා දීම මෙහි පුවත්පත් කලාව නිවැරදි දිශානතියකට මෙහෙයවීමට ඉවහල් වී ඇත. මෙම රාජ්‍යය තුල වැඩි ප්‍රමාණයක් පුවත්පත් ප්‍රකාශණයට පත් වන්නේ ප්‍රංශ භාෂාවෙන් හා මාලි ජාතික භාෂාවෙනි. මීට අමතරව අරාබි හා බම්බුරා භාෂාවෙන් ද පුවත් පත් ප්‍රකාශණය වේ. 80% ක පමන ප්‍රමාණයක් වැසියන් මෙම භාෂා කතා කලද කියවීමේ හැකියාව අඩු බව ඉහත දී ද සඳහන් කර ඇත.
පුද්ගලයින් අපකීර්තියට පැමිනවීමේ අරමුනින්  ලිපි පලකිරීම ට පටහැනිව නීති තවමත් රට තුල ක්‍රියාත්මක අතර , එවකට පැවති '' බන්ධනාගාර ගත කිරීමේ '' නීතිය පමනක් මේ වන විට අහෝසි කර ඇත.
මෙසේ පවතින ස්වාධීන විවිධාකාරී වූ ස්වාධීන පුවත්පත් කලාව නිසා මාලි රාජ්‍යය, මාධ්‍ය නිදහස සඳහා අප්‍රිකාව තුල පෙරටුගාමී රටක් ලෙස හඳුන්වනු ලැබේ.
මාලි රාජ්‍යය තුල පලවන පුවත්පත් කීපයක තොරතුරු :
1.      Info-Matin (fr) (දිනපතා) 1997 දී නිර්මාණය කරන ලදි. එය වෙබ් අඩවියෙන් (http://www.info-matin.com/)
2.    L'Indépendant (fr) (දිනපතා), 1994 දී නිර්මාණය කරන ලදි
3.    1992 දී නිර්මානය කළ නුවෙවිල් හොරයිසන් (දිනපතා)
4.    සෝයර් බමාකෝ (දිනපතා) 1996 දී නිර්මාණය කරන ලදී
5.    Les Échos (දිනපතා), [2] 1989 දී නිර්මාණය කරන ලදී
6.    1990 දී නිර්මාණය කරන ලද අරෝරෝ (දෙවරක්)
7.    Le Scorpion (humor weekly), 1991 දී නිර්මාණය කරන ලදී
8.    Le Courrier (සතිපතා) 1996 දී නිර්මාණය කරන ලදී
9.    1991 දී නිර්මාණය කරන ලද මාලීන් (දෙවරක්)
10. Liberté (සතිපතා) 1999 දී නිර්මාණය කරන ලදී
11. ලී කොන්ටිනෙන්ට් (සතිපතා) 2000 දී නිර්මාණය කරන ලදී
12. La Nouvelle Tribune (සතිපතා) 2002 දී නිර්මාණය කරන ලදි
13. Le Patriote (සතිපතා) 2000 දී නිර්මාණය කරන ලදී
14. Le Challenger (සතිපතා) 2002 දී නිර්මාණය කරන ලදී
15. ග්රින්-ග්රින් (මාසික යෞවන සඟරාව)
16.  Le Ségovien Ségou පළමු පුවත්පතද, අන්තර්ජාලය ඔස්සේ ප්රකාශයට පත් කරයිලීසටන්, දිනපතා
මාලි රාජ්‍යයේ රූපවාහිනි මාධ්‍යය
එරට පවතින දරිද්‍රරතාවය මෙන් ම අඩු සාක්ෂරතා මට්ටමද හේතුකරගනිමින් රූපවාහිනියට ප්‍රවේශ වන්නන් ගේ ප්‍රමාණය සීමා සහිත වී තිබේ. මාලී හි එක් රූපවාහිනි මධ්‍යස්ථානයක්  පවතින අතර රූපවාහිනි නාලිකා දෙකක් ක්‍රියාත්මක වේ. මාලි රාජ්‍යය සඳහා රූපවාහිනිය හඳුන්වා දෙනු ලැබුවේ වසර 1983 වසරේ වුවද මෙහි රූපවාහිනි මාධ්‍යයේ විශාල වර්ධනයක් සිදු නොවී පැවති බව මනාව දක්නට ලැබේ.
            මෙරට ප්‍රථම නාලිකාව ORTM ලෙසින් හඳුන්වන අතර මෙය මාලි රජය මගින් ක්‍රියාත්මක කරන්නක් වේ. මෙරට දෙවන රූපවාහිනි නාලිකාව වන Africable ආරම්භ කර ඇත්තේ 2004 වසරේ දී ය. මීට අමතරව චන්ද්‍රිකා මගින් සහ ඇන්ටෙනා මගින් මාලි වැසියන් ට පහසුවෙන් ලඟා විය හැකි යම් නාලිකා ප්‍රමාණයක් පවති.
ඒවා අතර ඔලිම්පික් ටෙලිවිෂන් ඩී ජී ටී   යන නාලිකාව යුරෝපයේ W3A චන්ද්‍රිකාව ඔස්සේ යුරෝපයේ සිට ලබා ගත හැකිව ඇත. එලෙසම ප්‍රංශ නාලිකාව ( ලොව පුරා ප්‍රංශ භාෂාව කතා කරන රටවල සිට විකාශනය වන ) චන්ද්‍රිකාවන් ඔස්සේ බෙදා හරින අතර මෙය මාලි සිට ඇන්ටෙනා ඔස්සේ ග්‍රහනය කිරීමේ හැකියාව පවතී.
මාලි හි අන්තර්ජාලය
, ළමා වැඩසටහන් , ප්‍රවෘත්ති වැඩසටහන්, චිත්‍රපට,  මෙන්ම වාර්තා වැඩසටහන් ද මෙතුලින් විකාශණය වේ. පසු කාලිනව සජීවීව චන්ද්‍රිකා හා සම්බන්ධ වීමෙන් අනතුරුව අරාබි හා ඉංග්‍රිසි මාධ්‍ය නාලිකා විශාල ප්‍රමාණයකට සම්බන්ධ වීමේ හැකියාව ලැබී ඇත.
1997 වසරේ මාලි රාජ්‍යය සඳහා නිදහස් අන්තර්ජාල සේවාව හඳුන්වා දීමට පෙර , අන්තර්ජාල සේවා විශේෂ පරීක්ෂාවකට බඳුන් කර ඇත.(SOTELMA Societe des telecommunication du mali නම් මාලි හි විදුලි සංදේශ නියාමන් කොමිසම ) හරහා ක්‍රියාත්මක වන අන්තර් ජාල සේවා සපයන සේවා සමාගම් 24 ක් මෙරට ක්‍රියාත්මක වේ. අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා දැරීමර සිදුවන යටිතල පහසුකම් වියදම ඉතා අධික වීම නිසා පවත්වාගෙන යාමේ ගැටළු රාශියකට මෙරට රජය මුහුන දී ඇත.
               මෙරට අන්තර්ජාල භාවිත කරන්නන් ප්‍රමාණය ආසන්න වශයෙන් 414,985 පමන වන අතර මෙය සමස්ථ ජන ගහනයට අනුරූපව 2.9% ක ප්‍රමාණයක් වේ. මෙහි අන්තර්ජාල භාවිතය ඉතා අඩු මට්ටමක පවතින අතර වර්ගීකරණයන් ට අනුව මෙරටට රටවල් 125 ක් අතුරුන් 123 වන ස්ථානය හිමිව තිබෙන්නේ ඉතා අඩු වශයෙන් අන්තර්ජාලය භාවිතය නිසාවෙනි. ඊට අමතරව රැහැන් සහිත මෙන් ම රැහැන් රහිත දුරකථන සේවා ද මෙහි පවති.
මෙහි ප්‍රධානතම පෞද්ගලික විදුලි සංදේශ සමාගම වන්නේ ඉකැටල් ( ඔරේන්ජ් ) සමාගමයි. මෙහි පවතින ප්‍රධාන සේවාවන් අතර සජිවී H+, 3g +  අපට හඳුනා ගත හැකිය.
            මාලි රාජ්‍යයේ අන්තර්ජාල පහසුකම් සේවා පිලිඹදව සැලකීමේ දී  මෙහි හිටපු ජනපති  ඇල්ෆා  ඕමාර් කෝනාර් මහතා රාජතාන්ත්‍රික වශයෙන් මේ සඳහා තම මැදිහත් වීම තුලින් මෙහි ගුණාත්මක භාවය වර්ධනය සඳහා උත්සහා දරා ඇත.
           ඔහු විසින් මාලි රාජ්‍යයේ සෑම ප්‍රජාවකටම  අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා වනතොරතුරු තාක්ෂණය පිළිඹඳව බාමඩෝ 2000 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පවත්වන ලදි. මෙහිදී මාලී රාජ්‍යය මෙහි මුලසුන දැරීය. මෙරට රජය විසින් ජනතාවට , පර්ගණක පිලිඹඳව ඉගැන්වීම මෙන් ම පුහුනුව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දරයි.

2 comments: