කුළුදුල් ප්‍රේම ගීතය නිහඩ වනවාට කොයි කවුරුත් අකමැති ය. හැමෝගෙම ප්‍රාර්ථනාව
පළමු පෙම කඩ නොකර තියා ගැනීමයි. එම නිසාම පළමු පෙම්වතා පළමු පෙම්වතිය හමුවීම සංසාරගත
බැදීමක් බව ඔවුන් විශ්වාස කරනවා. පතාගෙන ආපු පෙරුම් පුරාගෙන ආපු බැදීමක් කියලා හිතනවා.
එය නිකලැල්ව තියාගන්න හැමවිටම බලාපොරොත්තු වෙනවා. එය පාරමිතාවක්. මොන ප්‍රශ්න ආවත්
එම ප්‍රශ්න හැම එකටම මුහුණ දීලා කොහොමහරි ජීවිතයේ හැමදාමත් අල්ලගත්ත අත අත නොහැර තියාගන්න
තමයි හැමෝගෙම බලාපොරොත්තුව. විවිධ සමාජ, ආර්ථික, සංස්කෘතික බාධක මේ හැම එකක්ම පළමු
පෙම කඩා බිද දැමීමට සමහර වෙලාවට හේතුවක් වෙනවා. ඉතින් නිකලැල් ආදරවන්තයෙකුගේ හිත තුළ
ඇතිවන ප්‍රාර්ථනාව ඉතා මැනවින් කුලරත්න ආරියවංශයන්
රචනා කර රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මුසුව රෝහණ සිරිවර්ධනයන් විසින් ගායනා කරනවා.
''ඔබේ අත ගෙන පෙර
සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුළුදුල් ප්‍රේම
ගීතය
විරහ ගීයක් නොවේවා...''
කුළුදුල් ප්‍රේම ගීතයම විරහ ගීතයක් වෙන
එකේ වේදනාව වේදනාවක් නොවන බවම හැගවීමට මෙයට පුළුවන්. විරහ වේදනාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව
තුළ එය සිදුවීමට ඇති ඉඩකඩ පිළිබද සංඥාවක් ගැබ්වී තියෙනවා. ගොඩක් වෙලාවට තේරුම් ගත්තට
පස්සෙ නැතිනම් විවිධ වූ බාධක හමුවේ පළමු පෙම කඩ වී බිද වැටී යන අවස්ථා දැකගන්නට පුළුවන්.
''ඔබේ හදවත සැලෙන
රාවය
පවා මසිතට දැනුනු
මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු
නොවේවා...''
පළමු
අවස්ථාවේදීම ආදරවන්තයා ආදරවන්තියගේ හද ගැහෙන රාවය හදුනා ගන්නවා. හදවතේ ප්‍රාර්ථනා ටික,
කප්පරක් බලාපොරොත්තු ටික, එක කැදැල්ලක කූඩු වෙලා දරුවෝ හදාගෙන... මෙකී සාම්ප්‍රදායික
පෙම්වතුන් විවාහ වීමට පෙර හැමවිටම මේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කුළුදුල් ආදරය බිදෙන
අවස්ථාවේදිම මේ ප්‍රාර්ථනා සියල්ල හිතට කඩා වැටෙනවා. මේ සියල්ල හිත ඇතුළෙම සඵල වෙනවා
දකින්න මිසක් වෙන් වෙන්න, දුරස් වෙන්න, ඒවා කඩා ඉහිරෙනවට කැමති නෑ. මේ ගීතය පද මාලාව
ඉතාම සරල වුවද මෙයින් විරහ වේදනාවට පත් නොකර කුළුදුල් ආදරයම නැවත සඵල කර ගන්නට කරන
ප්‍රාර්ථනාව තුළ යළිත් මෙහෙම පෙම්වතුන්ට කුළුදුල් ආදරයම සඵල වේවා කියල අපේ හිත වලිනුත්
ඒ ප්‍රාර්ථනාව කරන්න හිතෙන තරමටම මේක රසවත් ගැඹුරු නිමිත්තක් වී ඇත.
''ඔබේ සිහිලැල් සුවැති
සෙවණේ
රෑදී අප උන් ඒ සැදෑවේ
හදවතින් මතු වූ
සිනා
කිසිදු දිනයක බොද
නොවේවා....''
Its Cool
ReplyDelete