Friday, July 5, 2019

Fashion

        
          Nowdays, the growth of fashion become more significantly. It seems from the develpoment of fashion. Than, it also the essential things to choose the clothes. In Indonesia, fashion style are spreading up highly. The case that cause and it become positive or negative side will be discuss in the essays. The case that make the fashion growing more faster because of the function of fashion. At present time, fashion become famous because when people using fashion they will look more pretty and stylish. Fashion also can increase human- self- estimate. On the other side, from growing up the fashion it also open many job vacancy for people. Than it solve, the lessworked person problems.

         However, all growing up from fashion will give a positive and negative impact. The positive impact from fashion development is exploring the creative way for making unusual and comfort cloths. Also, it become a way to learn how to produce and marketing the product. Then, the negative side from development of fashion will make the funding become more decrease and people can get addict by fashion. Especially woman who like fashion and always up to date with all new fashion. 
         
          In conclusion about the development of fashion. In my opinion, it really needs to choose a style of clothes. Then, it has a positive impact such as increasing self estimate value. On the other side, the growth up of fashion will give a bad impact bacause can get addict, especially for woman.

Saturday, June 29, 2019

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

                           අප රටේ වර්තමානයේ පවතින දේශපාලන සන්ධර්භය දිගු කාලීන දේශපාලන ක‍්‍රියාදාමයක ඵලයකි. විවිධ ආර්ථික, දේශපාලන, සමාජ හා සංස්කෘතික කරුණු මේ කෙරෙහි බලපාන්නට විය. විජයාවතරණයෙන් පසුව මහින්දාගමනයත් සමග විධිමත් ලෙස ශිෂ්ටාචාරගත වන ලාංකීය සමාජය තුළ ස්ථාපිත වූයේ රාජ ආණ්ඩුන් පාලන ක‍්‍රමයකි. මේ තුළ බුද්ධ ශාසනය සුවිශේෂී වූ අතර සෑම රජෙක්ම බෞද්ධ  වීම හා රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස දන්ත ධාතූන් වහන්සේ පිළිගැනීමට ලක් විය. රාජ ආණ්ඩු පාලනය රජු, යුව රජු, අමාත්‍යවරු, සේනාධිනායක, නිලමෙවරු ආදී විවිධ නිළධාරීන් හා ප‍්‍රදේශීය පාලකයන් සමග සිදු විය. පාරම්පරිකව හෝ පියාගෙන් පුතාට හෝ වෙනත් අයුරකින් රජු සිහසුනෙන් නෙරපා රාජ්‍යත්වයට පත් වීම ද මේ තුළ සිදු විය. 
                       රාජ ආණ්ඩු යුගයේ රජතුමා ස්වකීය රටවැසියන් සමග සබදතා පවත්වා ගැනීමට වෙහෙර විහාර ඉදි කිරීම, වැව් අමුණු ඉදිකිරීම, මංමාවත් පිළිසකර කිරීම ආදී වූ උපක‍්‍රම භාවිතා කරන ලදී. එපමණක් ද නොව ඇතැම් රජවරුන් වෙස් වලාගෙන ගොස් තම රටවැසියන්ගේ ස්වාභාවය හා තමන්ගේ දුර්වලකම් හා අඩුපාඩුකම් පිළිබදව විමසා බලන ලදී. එම රජවරුන් කෘෂිකර්මාන්තය පෝෂණය කරමින් පෙරදිග ධාන්‍යාගාරය බවට ශ‍්‍රී ලංකාව පත් කරන ලදී.
                  රාජ ආණ්ඩු පාලනය පසු කාලීනව අර්බුදකාරී තත්ත්වයකට පත් විය. ක‍්‍රි.ව. 1500 පසුව ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය බිද වැටෙන්නට විය. ක‍්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ලංකාව ආක‍්‍රමණය කරන ලදී. 1656 දී පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් විසින් ලංකාව ආක‍්‍රමණය කළේය. 1796 දක්වා පාලනය ඔවුන් විසින් ගෙනයන ලදී. 1976 දී ලන්දේසීන්ට එරෙහිව ඉංග‍්‍රීසීන් ලංකාව ආක‍්‍රමණය කරන ලදී. ඉංග‍්‍රීසීන් දේශීය ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගනිමින් ඔවුන් සමග යහපත් සබදතාවයක් ගොඩනගා ගැනීමට උත්සුක වූහ. 1910 දී ඡුන්ද බලය හදුන්වා දුන් අතර දේශීය ප‍්‍රජාව තව දුරටත් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්නා ලදී. මෙයින් දේශීය ජනතාව සෑහිමකට පත් නොවූ නිසා ජනතාවාදී ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන්  1917 දී ලංකා ප‍්‍රතිසංස්කරණ සංගමය පිහිටුවා ගන්නා ලදී. 1921 දී මැනිං ප‍්‍රතිසංස්කරණය සිදු වූ අතර එයින් ව්‍යවස්ථාදායක සභාව තුළ දේශීය නියෝජිතයින් සංඛ්‍යාව වැඩි කළේය.
                        1927 ඩොනමෝර් කොමිසමේ නිර්දේශ මත 1931 ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය සිදුකළේය. මෙයින් සර්වජන ඡුන්ද බලය ලබාදෙමින් දේශීය ජනතාව වඩාත් පාලනය සදහා සම්බන්ධ කරමින් ස්වදේශිකයන්ට වඩාත් වාසිසහගත දේශපාලන ක‍්‍රමවේදයක් ගොඩ නගන ලදී. 1947 සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය ඇති කරමින් බි‍්‍රතාන්‍ය යටතේ ස්වයං පාලන අයිතිය ලබාදීමට උත්සුක වූහ. මෙම ආණ්ඩු ක‍්‍රමය යටතේ 1947 මැතිවරණයක් පවත්වන ලද අතර එයින් එක්සත් ජාතික පක්ෂ නායක ඞී. එස්. සේනානායක මහතා ප‍්‍රථම අගමැති ධූරයට පත්විය. පසුව 1948 පෙබරවාරි 4 ලංකාව නිදහස දිනා ගත්තේය. එයින් නිදහස් ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුක‍්‍රමය 1972 ශ‍්‍රී ලංකා ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගොඩ නගන ලදී. එහි සුවිශේෂතා පහත පරිදිය.

x ශ‍්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් වීම 
x ඒකීය රාජ්‍ය ක‍්‍රමයක් පත් කිරීම 
x පරමාධිපත්‍ය බලය ජනතාව සතු කිරීම 
x ශ‍්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආයතනය බවට ජාතික රාජ්‍ය සභාව පත් කිරීම 
x මහජන ඡුන්දයෙන් තෝරාගත් නියෝජිතයන් පත් කර ජාතික රාජ්‍ය සභාව ගොඩ නැගීම 
x මානව අයිතිවාසිකම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරීම 
x බුද්ධාගම ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාවෙන් බැදී සිටීම 
x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම 

                  මෙහි දුර්වලතා තව දුරටත් මග හරවමින් 1978 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව සම්පාදනය කරමින් විධායක ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් හදුන්වා දෙන ලදී.
           මෙම ආණ්ඩු ක‍්‍රමය යටතේ විධායකය ලෙස ජනාධිපති ද ව්‍යවස්ථාදායකය ලෙස අගමැති ඇතුලූ කැබිනට් මණ්ඩලය ද අධිකරණය ඉහළ අධිකරණය හා පහළ අධිකරණය වශයෙන් පිහිට වූ අතර ඉහළ අධිකරණය බවට ශේෂ්ඨාධිකරණය පත් කරන ලදී. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වර්තමානය දක්වා බලයට පත් විවිධ ආණ්ඩු යටතේ සංශෝධනය කර ඇත. 

Thursday, June 27, 2019

ජංගම දුරකථන

සතුට දුකට 
ළග රැදෙන
විරහව වේදනාවට 
රුකුල් දෙන 
විසිහතර පැයේ 
අත රැදෙන 
තවත් එක් 
වසංගතයකි 
තාරුණ්‍යය වනසන

Monday, May 6, 2019

මහජන සම්බන්ධතාවය යනු


  1. මහජන සම්බන්ධතාවය වනාහී විවිධාකාර විෂයන්ගේ සංකලනයෙන් පෝෂණයව පවතින ප්‍රායෝගික ක්‍රියාවලියකි.
  2. ද්වි පාර්ශවීය ගනුදෙනුවකි.
  3. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල, එම ආයතනය පිළිබදව කීර්ති නාමයක් ඇති කළ හැකි     මාධ්‍යයකි.
  4. මාර්ගෝපදේශකයෙකි.
  5. විශ්වසනීයත්වය ගොඩනගන සැබෑ ක්‍රියාදාමයකි.
  6. කළමනාකරණ මෙවලමකි.
  7. තොරතුරු සම්පාදන ක්‍රියාවලියකි.
  8. යම් අරමුණක් ජන ගැනීම සදහා සිදු කරන යහපත් පෙළඹවීමකි.
  9. මානව සමාජයේ අවබෝධය තහවුරු කිරීම සදහා භාවිතා කළ හැකි මාධ්‍යයකි.
  10. නිෂ්පාදන හා සේවාවන් තුළ ප්‍රධාන අගය ගොඩ නගා ගන්නේ මහජන සම්බන්ධතාවයි.
  11. යමක් පිළිබදව ප්‍රතිරූපයක් නිර්මාණය කළ හැකි මෘදුකාංගයකි.
  12. යමක් පිළිබදව බලපෑමක් කළ හැකි විග්‍රහාත්මක කලාවකි.
  13. යමක් නිරවුල් කිරීමේ හැකියාව මහජන සම්බන්ධතාවයෙන් සිදු වේ.




මුස්ලිම් කතුන්ට ලස්සනට අදින්න බැරිද?


ඉස්ලාම් කාන්තාවගේ සාම්ප්‍රදායික ඇදුම මෑතක සිට ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මහත් කතාබහට ලක්වන්නකි. එහෙත් ඒ මුල්කොට ඉස්ලාම් කතුන්ගේ ඇදුම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන විවේචන බොහොමයක් ඉස්ලාම් සමාජයෙන් ප්‍රතික්ෂේප වන බව පෙනේ. ඒ ඊට අදාළ නිවැරදි වදන් වෙනුවට අදාළ නොවන වදන් භාවිත කරමින් ගොනුවන නිසා ය. 
            ඉස්ලාමීය කාන්තාවන් අදින හිස, දෑතේ මැණික් කටු සහ පයේ වළලුකර දක්වා වැසෙන එහෙත් මුහුණ නොවැසෙන ඇදුම හදුන්වන්නේ ''හිජාබ්'' යනුවෙනි. මෙය සමස්ත මුස්ලිම් කතුන්ගේ ඇදුම සදහා යොදන ව්‍යවහාරයක් ද වේ. දෙනෙත පමණක් නිරාවරණය වන විට මෙම ඇදුම සැකසුන විට ඊට ''නිකාබ්'' යැයි කියනු ලැබේ. එමෙන්ම දෙනෙත පවා බාහිර පුද්ගලයින්ට නොපෙනෙන සේ සැකසුන කාන්තා ඇදුම ''බුර්කා'' යනුවෙන් හැදින්වේ. මෙය ෆර්සියන් බසින් ''ෆර්දා'' යනුවෙන් හදුන්වනු ලබයි. ඉස්ලාම් කතුන්ගේ ඇදුම සකස් විය යුත්තේ ඉස්ලාමයේ මූලික ආගමික ග්‍රන්ථය වන අල් කුරානයේ 24 වන පරිච්ඡේදයේ 30-31 වන පාඨවලට අනුව ය. 
        එහි දී ''මන්රම්'' යනුවෙන් විස්තර කරනුයේ පුද්ගලයින්ගෙන් බැහැරට යන විට ඉස්ලාමීය කාන්තාව හැද සිටිය යුතු ආකාරයයි. ඉහත සදහන් කුරාණ පාඨයට ඉස්ලාමීය කාන්තාවන්ටත් තම ස්වාමිපුරුෂයන්, පියවරුන්, සැමියාගේ පියවරුන්, තම පිරිමි දරුවන්, සැමියාගේ පිරිමි දරුවන් , තම සොයුරියන්, ඔවුන්ගේ දරුවන්, තම අන්තේවාසික කතුන්, තම වහලුන්, කාමරාගී නොපිබිදෙන මහල්ලන් සහ කාන්තා සිරුර ගැන නොවැටහෙන කුඩා පිරිමි දරුවන් යන පිරිස් හැරුණු කොට අන් සියල්ලන් හමුවේදීම ඇදුමින්, පැළදුමින් විශේෂ ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කළ යුතුය. 
                  මෙහිදී ඉහත සදහන් අයුරින් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන ඇදුම් අදින ඉස්ලාම් කතුන්ට දන්වා ඇත්තේ ''පිල්බාබ්'' නමින් යුතු හිස වසන සලුවෙන් ලැමැද වසා ගන්නා ලෙස හා සිරුරේ ඉන්ද්‍රිය පිටතට නෙරා එන අයුරින් ශරීරයට සිර වූ ඇදුම් ඇදීමෙන් වළකින ලෙසයි. අල් කුරාණයේ 33 වන පරිච්ඡේදයේ 59 වන පාඨයෙන් මෙය මනාව පැහැදිලි වේ. එමෙන්ම ඇදුම් පැළදුම් පිළිබද මෙම ආචාර සම්ප්‍රදාය කාන්තාවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමටත්, ඔවුන්ගේ විනය ආරක්ෂා වීමටත්, අතවර වලින් මිදීමටත් මුල් වන බව පෙන්වා දෙයි. කුරාණය ඉස්ලාමීය කාන්තාවන් ගමන් කරන විට පොළොවට තදින් පය ගැටෙන සේ ගමන් නොකළ යුතු බව ද අවධාරණය කරයි. ඒ ඔවුන් ගමන් කිරීමේ දී නිතඹ සැලෙන අන්දම අන්‍යයන්ට ප්‍රදර්ශනය වීම වළකාලනු පිණිසය. මෙය කුරාණයේ 24 වන පරිච්ඡේදයේ 31 වන පාඨයෙන් ප්‍රකාශ වේ. 
                     මුස්ලිම් කතුන්ගේ ඇදුම් විලාසිතා ද හිජාබ් හෝ අබායා යනුවෙන් හදුන්වනු ලැබේ. මූලික ඉස්ලාම් ආගමික අණපනත් අනුව සැකසුණු මෙම විලාසිතා ලොව පුරා පැතිර ඇති අතර මේවායේ සුන්දරත්වය අනුව මුස්ලිම් නොවන කාන්තාවන් පවා මෙම විලාසිතා අනුගමනය කිරීමට බැදී සිටිති.  මේවා විවිධ පැහැයෙන්, විවිධ මෝස්තරවලින් හා රේන්ද, එම්බ්‍රොයිඩර් වලින් හැඩගැන් වූ විලාසිතා ලොව පුරා විසිරී පවතී. සිංහල කතුන් තුළ ද මෙම ඇදුම් විලාසිතාවන්ට බෙහෙවින් ඇල්මක් දක්නට ඇත.

Wednesday, May 1, 2019

Internet


            It is evident that, at present, people are spending a considerable amount of time on the Internet, and thus spending less time with real people. T strongly agree that although this use of the Internet has greatly increased the level of communication available, it has also had detrimental effects on the amount and type of social interaction that takes place. 
         The benefits of the Internet in terms of increased communication are clear, with people connected across the globe. In the pase, communication was only possible by phone or mail, which entailed time and expence. It also usually meant just keeping in contact with those people already known to you. With the internet, this has changed dramatically. E mail and social networking sites such as Facebook and MSN have created online communities that are global in scale, and they have fostered communication between people and countries that we would not have thought possible in the not too distant past. 
            That said, there is no doubt in my mind that this has had negative impacts on social interaction, People, especially the younger generation, spend hours of their time online, chatting and on forums. Although this can beneficial, It is certainly not the same as real interaction with human beings and does not involve the same skills. It is important that children have and maintain real friendships In order to develop their own interpersonal skills. Not only this, It can also have negative effects on local communities if people are spending most of their time communicating online and not mixing in their neighbourhoods, and possibly lead to feelings of isolation for those individuals who do not have a “real” person to turn to in times of needs. 
               To conclude, I believe that the internet has undoubtedly been beneficia, but there are good reasons to be concerned about social interaction in our societies. It is therefore important that we maintain a balance between our online life and contact with real human beings.

Monday, April 29, 2019

මා දෙවෙන්දොරා වූවා නම්,


කිමෝනා වෙනුවට

මල් ඔසරිය අන්දා

කරවට කොට මුතු

පොටකුත් බැදලා

තැල්ලක් දමලා

රූ සිරි බලලා

රබන් සුරල් මැද

තොරණ ගසාලා

පෝරුව මත්තේ

 හිදුවාලා

පලදන්නෙමි මා

පිවිතුරු ප්රේමය

ගමේ එවුන්හට

පෙන්වනවා මම

මගේ ජපන්

මනාලීගෙ උජාරුව

ගමේ ගැහැණු

පුදුමෙන්  බලාවී

 දැක ගැනුමට

පෙරුම් පුරාවී

 දුටු විට

අතකින් අල්ලාවි

ඇගෙ දිග නෙත් යුග

දෙසම බලාවි

එක්කාගෙන ගොස්

කඩපිල්වල සැම

බඩු ගන්නා හැටි

බඩු ඉල්ලන හැටි

කියා දෙනව මං

ඈට ආදරෙන්

 පාවා ගැනුමට  හරස් වූ

මිතුරන්ගේ නෙක

විකාර දෙඩවිලි

පුස්සක් කොට මා

නෙළාන දෙනවා

ජීවිතයම  දෝතට

[උපුටා ගන්නා ලද්දකි]