Monday, April 29, 2019

මා දෙවෙන්දොරා වූවා නම්,


කිමෝනා වෙනුවට

මල් ඔසරිය අන්දා

කරවට කොට මුතු

පොටකුත් බැදලා

තැල්ලක් දමලා

රූ සිරි බලලා

රබන් සුරල් මැද

තොරණ ගසාලා

පෝරුව මත්තේ

 හිදුවාලා

පලදන්නෙමි මා

පිවිතුරු ප්රේමය

ගමේ එවුන්හට

පෙන්වනවා මම

මගේ ජපන්

මනාලීගෙ උජාරුව

ගමේ ගැහැණු

පුදුමෙන්  බලාවී

 දැක ගැනුමට

පෙරුම් පුරාවී

 දුටු විට

අතකින් අල්ලාවි

ඇගෙ දිග නෙත් යුග

දෙසම බලාවි

එක්කාගෙන ගොස්

කඩපිල්වල සැම

බඩු ගන්නා හැටි

බඩු ඉල්ලන හැටි

කියා දෙනව මං

ඈට ආදරෙන්

 පාවා ගැනුමට  හරස් වූ

මිතුරන්ගේ නෙක

විකාර දෙඩවිලි

පුස්සක් කොට මා

නෙළාන දෙනවා

ජීවිතයම  දෝතට

[උපුටා ගන්නා ලද්දකි]




Sunday, April 28, 2019

ගෝලීයකරණය

                                  වර්තමාන සමාජීය ප්‍රවණතාවයක් ලෙස ගෝලීයකරණය හැදින්විය හැකිය. අතීත සමාජවල වෙනස්කම්වල සමස්තයක් තුළින් ගෝලීයකරණය බිහි විය. ලෝකයේ විවෘත බව හා වෙනස්කම්වල සංකීර්ණතාවයක් සේම, තොරතුරු මූලාශ්‍ර, තොරතුරු සබදතා හා මාධ්‍යන්හි ව්‍යාප්තිය තුළින් ගෝලීයකරණය බිහි විය. විද්‍යාව, තාක්ෂණය හා මිනිසා විසින් පර්යේෂණ හරහා ලෝකය අනාවරණය කරන්නට වීම නිසා සියළුම ජාතීන්, ආගම්, කුල හා විවිධ සමාජ පංති එකම ක්‍රියාවලියක කොටස්කරුවෝ ය. ගෝලීයකරණය නිසා ඒ ඒ රටවල, ඒ ඒ ජාතීන් අතර සංස්කෘතික ආධිපත්‍ය බිද වැටී අනන්‍යතාවයන් බිදී ඇත. ගෝලීයකරණයට ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, ආගමික, සදාචාරාත්මක හා පොදුවේ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අන්තර සම්බන්ධතාවය බලපා ඇත. මෙය සිතා මතා සිදු කළ නිර්මාණයකට වඩා සමාජ ක්‍රියාවලියේම ඉදිරිය විකාශනය වීමක් හා විවෘතභාවයේ සංකල්පයකි. ගෝලීයකරණ පරිසරය හා සමාජ ක්‍රමය සදහා තොරතුරු හා ජනමාධ්‍ය පද්ධති තීරණාත්මක බලපෑමක් සිදු කොට ඇත. 
                              ගෝලීයකරණය 20 වන සියවසේ අග භාගයේ ප්‍රචලිත වූ සංකල්පයකි. වචනාර්ථයෙන් විග්‍රහ කිරීමට අපහසු සංකල්පයකි. මිනිසුන්ගේ හා ආයතනික ක්‍රියාවලීන්ගෙන් සමන්විත විධිමත් වූත්, අවිධිමත් වූත් සාධක වල සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. ගෝලීයකරණය ඓතිහාසික විවිධ ක්‍රියාවලීන්ගෙන් බිහි වූවකි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනය, මානව සබදතා, තොරතුරු ක්‍රියාවලිය හා ගමනාගමනය පැවැති තත්ත්වයේ සිට හාත්පසින් වෙනස් විය. ලෝකයේ කුමන ස්ථානයක, කුමන කාර්යය කරමින්, කුමන ලෙසකින්, කුමන හෝ මානව සමූහය වාසය කළත් එක් පාර්ශ්වයක හැසිරීම හා ක්‍රියාකාරීතවය අනෙක් පාර්ශ්ව කෙරෙහි බලපෑම් කරන්නට සමත් විය. එම නිසා 'ගෝලීය ප්‍රජාව' යන නාමය බැදිණි. මෙය ගෝලීයකරණය නැමැති ක්‍රියාවලිය හෝ හදුන්වන නාම අර්ථකථනය බිහිවීමට බලපාන ලදී. 
                            ගෝලීයකරණය යන්නට විවිධ අන්ම් ලබා දී ඇත. ලෝකගතකරණය, පෘථිවිකරණය, විශ්වීයකරණය, ලෝකාවේශය, භූගෝලීයකරණය, ජගත්කරණය හා ලෝකකරණය යන ඒවා ය. ගෝලීයකරණය යන්නට පොදු න්‍යායක් නැත. විවිධ මානවයන්ගෙන් නොහොත් ඒ ඒ පුද්ගලයාට හා ඒ ඒ ක්ෂේත්‍ර වලට විවිධ දෘෂ්ටිකෝණ වලට අනුව විග්‍රහ කළ හැකිය. පැරණි කුල, නායකත්ව පරයා යමින් අද ලෝකය ගනුදෙනු කරන ආකාරය ගෝලීයකරණයයි. මේ නිසාම මානව සමාජය වෙනස් වී ඇත. කාලය විසින් සිදු කළ සමාජ වෙනසකි. නැතහොත් පරිවර්තනයකි. 
                                         20 වන සියවසේ අග භාගයේදී ලොව පුරා ප්‍රචලිත වී සංවාදයට පාත්‍ර වී ජනමාධ්‍ය හරහා පොදු මිනිසුන් අතරට පැමිණි සංකල්පයක් ලෙස හැදින්විය හැකිය. ගෝලීයකරණ සංකල්පය බිහිවීම හෙලා ආර්ථිකය, වෙළෙදපොළ ක්‍රමය හා ජනමාධ්‍යන්හි ව්‍යාප්තිය ප්‍රබල බලපෑමක් සිදු කොට ඇත. එසේම තොරතුරු තාක්ෂණය ප්‍රබල වීම හා ධනවාදී රටවල් ඒ සමග කළ විවිධ ක්‍රියාවන් නිසා ද ලෝකයේ සෑම ක්ෂේත්‍රයක් ම චලනයට බදුන් වීම ද මෙම සංකල්පය ප්‍රචලිත වීමට බලපාන ලදී. මිනිසාගේ දැනුම හා නිර්මාණශීලීත්වය වර්තමානයේ ආර්ථික ක්‍රමය පාලනය වීම හා තොරතුරු පාලනයෙහි යතුර බටහිර ජාතිකයින් සතු වීම නිසා ගෝලීයකරණය බටහිර රටවල්වලින් උපත් ලැබූ බව ඇතැම් විද්වතුන් පිළිගනී. 
                                          ගෝලීයකරණය නිසා ඒ ඒ රටවල් වලටත්, ඒ ඒ සමාජ ක්‍රම වලටත් සංස්කෘතික ආධිපත්‍ය බිදවැටීම හා යම් යම් අනන්‍යතාවයන් බිද වැටීම කරණ කොටගෙන, ගෝලීයකරණයේ හිතකර දෙ මෙන්ම අහිතකර දේ පවතින බව විසංවාදයකි. අධ්‍යතන මිනිසා ජීවත් වන්නේ නව සංකල්ප, නව දැනුම, නව මාධ්‍යය හා බිහිවෙමින් පවතින සංස්කෘතික මානයන් තුළය. ගෝලීයකරණය වූ කලී නව ලෝක සමාජය කෙබදුදැයි විදහා දක්වන අවස්ථාවකි.

Saturday, April 27, 2019

තේජා

  
දැනුවත්           බව

ප්‍රේමය            නම්, 

නොදැනුවත්   වීම


විරහවයි  

Definitions Of Public Relations


  • මහජන සම්බන්ධතා යනු කිසියම් සංවිධානයක් හා එයට අදාළ ජනතාව අතර අනොන්‍යය අවබෝධය ස්ථාපිත කර පවත්වාගෙන යෑම සදහා සිතා මතා සැලසුම් සහගතව ඉවසීමෙන් යුතුව දරණු ලබන ප්‍රයත්නයකි.    [ බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනය ]
  • මහජන සම්බන්ධතා යනු ප්‍රවණතා විශ්ලේෂණය ඒවායේ ආදීනව පිළිබදව පුරෝකථනය, සංවිධාන නායකයන්ට උපදෙස් දීම, සංවිධානමය හා මහජන අභිලාශයන්ට ආධාර වන සැලසුම් සහගත කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිළිබද සමාජ විද්‍යාවක් හා කලාවක් වේ.   [ මහජන සම්බන්ධතා ජාත්‍යන්තර සමුළුව මැක්සිකෝ නිර්වචනය ]
  • මහජන සම්බන්ධතාව යනු අනොන්‍යය වශයෙන් සතුටු දායක වන ද්විපාර්ශ්වික සන්නිවේදනය පාදක කොට හොද චරිතයෙන් හා වගකීම් සහගත කාර්යය සාධනයෙන් ජනමතය කෙරෙහි බලපෑමට යොදා ගන්නා සැළසුම් සහගත ප්‍රයත්නයකි.   [ක්ට්ලිෆ් සහ සෙන්ටර් ]
  • මහජන සම්බන්ධතාව යනු යම් සංවිධානයක් හා එයට අදාල ජනතාව අතර අනොන්‍යය අවබෝධය හා කීර්තිනාමය ගොඩ නැංවීම හා පවත්වාගෙන යෑම සදහා ගනු ලබන සැලසුම් සහගත හා කල් පවත්නා සියලු ප්‍රයත්නයන් ය.    [ ඉන්දියානු මහජන සම්බන්ධතා ආයතනය ]
  • මහජනයා වෙත කරනු ලබන තොරතුරු සම්පාදනය මහජනතාවගේ ආකල්ප හා ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සදහා ඝෘජුවම ඔවුන් කෙරෙහි කෙරෙන පෙළඹවීම ආයතනික ආකල්ප හා ක්‍රියාවන් එහි මහජනතාව සමග එක් කිරීමටත් මහජනතාවගේ ආකල්ප හා ක්‍රියාවන් එම ආයතනය සමග එක් කිරීමටත් දරනු ලබන උත්සාහය    [ එඩ්වඩ් එල්. බර්නීස් ]
  • මහජන සම්බන්ධතා යනු සමාගමක් හෝ ආයතනයක් විසින් විවිධ ජන කොටස් සමග අනොන්‍යය සබදතා ඇති කිරීමට කරනු ලබන සැලසුම් සහගත හා සංවිධිත ප්‍රයත්නයයි    [පිලිප් ඔල්ටි හා එඩ්වින් එමරි ]
  • සමාගමක් තම ආයතනය හා මහජනයා අතර හොද හිත වර්ධනය කර ගැනීම සදහා ගනු ලබන උත්සාහය 
  • එබදු හොද හිත ඇති කිරීම සදහා කරනු ලබන ක්‍රම විධීන්   [ රැම්ඩම් හවුස් කොලීජි ශබ්ද කෝෂය]
  • මහජන සම්බන්ධතා පැහැදිලිවම කළමනාකරණ කර්තව්‍යයකි. මහජන සම්බන්ධතා නැමැති මෙම කළමනාකරණ කර්තව්‍ය මගින් යම්කිසි සංවිධානයක් හා පොදු ජනතාව අතර සන්නිවේදනය, අවබෝධය පිළිගැනීම හා සහයෝගය ඇති කිරීමට ද පවත්වාගෙන යෑමට ද පිටි වහලක් සපයයි. මහජන සම්බන්ධතා මගින් ගැටලු හෝ අර්බුද කළමනාකරණය පහසු කරවයි.   [ රෙක්ස් හාලෝ ]
  • යම්කිසි සංවිධානයක් හා එහි ජනතාව අතර අනොන්‍යය අවබෝධය ගොඩ නගනු පිණිසත් එය පවත්වාගෙන යෑම සදහාත් සියුම් ලෙස සැලසුම් කල අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතා වේ.  [ලන්ඩන් මහජන සම්බන්ධතා ආයතනය ]
  • ප්‍රායෝගික මහජන සම්බන්ධතාව වනාහි මහජන සම්බන්ධතාව සදහා උත්සාහ කරනු ලබන කිසියම් සමාගමක, සංවිධානයක පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සහ සුභ සාධනය දියුණු කරලීම සදහා වෘත්තීමය වශයෙන් කරනු ලබන සාර්ථක සම්බන්ධතා ක්‍රියාදාමයකි.   [ සෑම් බ්ලැක්  ]
  • යම් ආයතනයක්, සංස්ථාවක් හෝ පුද්ගලයෙක් පිළිබදව ජනතාව අතර යහපත් ආකල්පයක් ඇති කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය මහජන සම්බන්ධතාව වේ.   [New Encylopebia]
  • මහජන සම්බන්ධතාව යනු හොද හිතකින් ගලා එන පැහැදිලි අදහස් සමුදායක් වේ.   [ චාල්ස් ප්ලැකාඩ් ]
  • සංස්ථාවක, සමාගමක, රජයක හෝ වෙනත් අයිතිකරුවන් මෙන්ම පොදුවේ මහජනතාව සමග පරිසරයට ගැළපෙන පරිදි අර්ථවත් මහජන සම්බන්ධතා ඇති කර ගැනීමෙහි සහ පවත්වාගෙන යාමෙහි ක්‍රියාදාමය මහජන සම්බන්ධතාවයි.     [ වෙබ්ස්ටර්ගේ නව කෝලිගේට් ශබ්ද කෝෂය ]
  • මහජන සම්බන්ධතා යනුවෙන් අදහස් කෙරෙන්නේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයක් හෝ සේවවක් වෙනුවෙන් යම්කිසි සමාගම් හෝ සංවිධානයක් සදහා ජනතාව තුළ ප්‍රියජනක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.    [ බිට්නර්  ]
  • යම් පුද්ගලයෙක්, අදහසක්, කණ්ඩායමක් හෝ ව්‍යාපරයක් පිළිබද මහජන රිචිකත්වය හා යහපත ඇතිවන පරිදි ඉදිරිපත් කෙරෙන බලපෑම් කල විග්‍රහාත්මක කලාවකි.   [The Encyciopeda Mericana ]
  • සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය, භාෂා ශාස්ත්‍රය, ආර්ථික විද්‍යාව, සන්නිවේදනය හා විෂයන් සම්බන්ධ කර ගැනීමට දරනු ලබන උත්සාහය මහජන සම්බන්ධතාව නම් වේ.   [Herbert M. Baus  ]
  • මහජන සම්බන්ධතාව යනු මහජනතාව ගැන උනන්දුවෙන්, මහජන ආකල්ප තක්සේරු කරන පුද්ගලයන්ගේ හෝ සංවිධානයක ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් හදුනාගනිමින් කළමනාකරණය කිරීම, මහජනතාව තේරුම් ගැනීම සහ ඔවුන්ගේ පිළිගැනීමේ ක්‍රියාදාමයක් ඇති කිරීමයි [Dany Gris World]
  • මහජන සම්බන්ධතා යනු පාරිභෝගිකයෙකු හෝ පාර්ශවයක් වෙනුවෙන් ආකල්ප හා චර්යයාවන් වෙනස් කිරීමටත්, සම්පාදනය කිරීමටත් යොදා ගනු ලබන සංවිධානාත්මක පරිශ්‍රමයකි.  [Bertand R. canfield and H. Frazier ]
  • මහජන අවශ්‍යතා විග්‍රහ කිරීම හා මහජන ආකල්ප නිරවුල්ව ඉදිරිපත් කිරීම
  • කිසියම් සංස්කෘතිකමය ප්‍රතිපත්ති හා ව්‍යාපාර පිළිබදව අදහස් පැහැදිලි කරමින් එහි අරමුණ විවරණයක් කිරීම
  • මහජනතාවගේ පැහැදීම ලබා ගනු පිණිස දියත් කල යුතු ව්‍යාපාර සදහා සැලසුම් සම්පාදනය කිරීම හා අවස්ථානුකූලව ඒවා වෙනස් කිරීම     [ Cyril C. Plutt ]
  • සංවිධානයකට අදාළ ජන කණ්ඩායම් හා පවත්වන සබදතා හොද සබදතා ඇති කර ගැනීමට යොදා ගන්න ක්‍රම සහ විධිසබදතාවල ගුණාත්මකභාවය හෝ තත්ත්වය       [ ස්කොට් කට්ලිප් සහ ඇලන් එච්. සෙන්ටර්  
  • කිසියම් සංවිධානයක් හා එහි මහජනයා සමග සුහදව කටයුතු කිරීමේදී එකිනෙකාට ඔවුනොවුන් සමග ගනුදෙනු කිරීමට උපකාරී වන්නේ මහජන සම්බන්ධතාවයයි. 
  • විවිධ ජන කොටස් ජය ගැනීමට කිසියම් සංවිධානයක ඇති උත්සාහය මහජන සම්බන්ධතාවයයි.   [ ඇමෙරිකානු මහජන සම්බන්ධතා සමාජය ]


Thursday, April 25, 2019

Advertising



The world that we live in today is dominated by advertising.  Adverts are on television, on the World Wide Web, in the street and even on our mobile phones. However, many of the strategies used to sell a product or service can be considered immoral or unacceptable.
To begin with, the fact that we cannot escape from advertising is a significant cause for complaint. Constant images and sings wherever we look can be very intrusive and irritating at times. Take for example advertising on the mobile phone. With the latest technology mobile companies are now able to send advertising messages via SMS to consumers’ phones whenever they choose. Although we expect adverts in numerous situations, It now seems that there are very few places we can actually avoid them.
A further aspect of advertising that I would consider unethical is the way that it encourages people to buy products they may not need or cannot afford. Children and young people in particular are influenced by adverts showing the latest toys, clothing or music and this can put enormous pressure on the parents to buy these products.
In addition, the advertising of tobacco and aicohol has long been a controversial issue, but cigarette adverts have only recently been banned in many countries. It is quite possible that alcohol adverts encourage excessive consumption and underage drinking, yet restrictions thve not been placed on this type of advertising in the same way as smoking.
It is certainly true to say that advertising is an everyday feature of our lives. Therefore, people are constantly being encouraged to buy products or services that might be too expensive, unnecessary or even unhealthy. In conclusion, many aspects of advertising do appear to be morally wrong and are not acceptable in today’s society.

Face Book



කියනවා එයා මට
4to 1ක් දානවද
මගේ FB Wall එකට
කොහොමද මං
පොටෝ දාන්නෙ
කොයින්ද මට කොම්පීටර
රූප පෙට්ටිය බලන්නත්
දුවන්නෙ මං
ගෙවල් හත අටකටත් එහා
එයා කියනවා මට
Fb Log  වෙන්න
මල සමයං මිනිහට

[උපුටා ගන්නා ලද්දකි]

කවිය




                     පැරණි    කවිය   රනබරණ   පැළද
                     සිටින    රදළයෙකු   වැන්න.   ජන
                     කවිය  චීත්ත  රෙද්ද  හා   ඔපනැලි
                     හැට්ටයක්  ඇද සිටින  ගැමි  ලියක
                     මෙනි.  නූතන   කවිය  ගමේ   හැදී
                     වැඩී චාම්  ඇදුමින්  සැරසී කොළඹ
                     කාර්යාලයක             වැඩට    එන
                     තරුණියක මෙන් විය යුතුයැයි මට
                     සිතේ.                      කුරුදුවත්තේ
                     ගැහැනියකගේ  විකාර විලාසිතා 
                     ඈ  පිළිකුල්    කරයි.  ගමේ  හොද
                     ගතිගුණ ජන්මයෙන් ඈට  උරුමවී
                     ඇත.  නගරයේ    හොද    ගතිගුණ
                     ආශ්රයෙන් ලබා ඇත.

                    ම    හ    ග    ම    සේ    ක    ර

Wednesday, April 24, 2019

සන්නිවේදනය කරන්නේ ඇයි ?


  • අවශ්‍යතා සදහා සන්නිවේදනය කරයි. 
  • ප්‍රතිඵලය අපේක්ෂිත බවින් හෝ අනපේක්ෂිතව සන්නිවේදනය කරයි. 
  • සබදතා තර කර ගැනීමට සන්නිවේදනය කරයි. 
  • පරස්පරතා අවම කිරීමට සන්නිවේදනය කරයි. 
  • විවිධාකාර මානසික හා කායික පීඩනයන් නිසා සන්නිවේදනය කරයි. 
  • තොරතුරු හුවමාරුව සදහාත්, බෙදා ගැනීම සදහාත් මෙන්ම පොදු එකගතාවයකට නොහොත් සමාන අත්දැකීම් පසුතලයකට පැමිණීම සදහා සන්නිවේදනය කරයි. 
  • සමාජ සමබරතාවය සදහා සන්නිවේදනය කරයි. 
  • විවිධ රස නිෂ්පත්තීන් හා රුචිකත්වයන් නිසා සන්නිවේදනය කරයි. 
  • දැඩි නිශ්ශබ්දතාවයේදී අසහනය අඩු කර ගැනීම සදහා සන්නිවේදනය කරයි. 
  • පුද්ගල අරමුණු / ආයත අරමුණු / රාජ්‍ය අරමුණු යනාදිය සදහා සන්නිවේදනය කරයි.


Tuesday, April 23, 2019

විරහ ගීතය



කුළුදුල් ප්‍රේම ගීතය නිහඩ වනවාට කොයි කවුරුත් අකමැති ය. හැමෝගෙම ප්‍රාර්ථනාව පළමු පෙම කඩ නොකර තියා ගැනීමයි. එම නිසාම පළමු පෙම්වතා පළමු පෙම්වතිය හමුවීම සංසාරගත බැදීමක් බව ඔවුන් විශ්වාස කරනවා. පතාගෙන ආපු පෙරුම් පුරාගෙන ආපු බැදීමක් කියලා හිතනවා. එය නිකලැල්ව තියාගන්න හැමවිටම බලාපොරොත්තු වෙනවා. එය පාරමිතාවක්. මොන ප්‍රශ්න ආවත් එම ප්‍රශ්න හැම එකටම මුහුණ දීලා කොහොමහරි ජීවිතයේ හැමදාමත් අල්ලගත්ත අත අත නොහැර තියාගන්න තමයි හැමෝගෙම බලාපොරොත්තුව. විවිධ සමාජ, ආර්ථික, සංස්කෘතික බාධක මේ හැම එකක්ම පළමු පෙම කඩා බිද දැමීමට සමහර වෙලාවට හේතුවක් වෙනවා. ඉතින් නිකලැල් ආදරවන්තයෙකුගේ හිත තුළ ඇතිවන  ප්‍රාර්ථනාව ඉතා මැනවින් කුලරත්න ආරියවංශයන් රචනා කර රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මුසුව රෝහණ සිරිවර්ධනයන් විසින් ගායනා කරනවා.

''ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරෙන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...''

           කුළුදුල් ප්‍රේම ගීතයම විරහ ගීතයක් වෙන එකේ වේදනාව වේදනාවක් නොවන බවම හැගවීමට මෙයට පුළුවන්. විරහ වේදනාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව තුළ එය සිදුවීමට ඇති ඉඩකඩ පිළිබද සංඥාවක් ගැබ්වී තියෙනවා. ගොඩක් වෙලාවට තේරුම් ගත්තට පස්සෙ නැතිනම් විවිධ වූ බාධක හමුවේ පළමු පෙම කඩ වී බිද වැටී යන අවස්ථා දැකගන්නට පුළුවන්.

''ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුනු මොහොතක
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු නොවේවා...''

පළමු අවස්ථාවේදීම ආදරවන්තයා ආදරවන්තියගේ හද ගැහෙන රාවය හදුනා ගන්නවා. හදවතේ ප්‍රාර්ථනා ටික, කප්පරක් බලාපොරොත්තු ටික, එක කැදැල්ලක කූඩු වෙලා දරුවෝ හදාගෙන... මෙකී සාම්ප්‍රදායික පෙම්වතුන් විවාහ වීමට පෙර හැමවිටම මේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ කුළුදුල් ආදරය බිදෙන අවස්ථාවේදිම මේ ප්‍රාර්ථනා සියල්ල හිතට කඩා වැටෙනවා. මේ සියල්ල හිත ඇතුළෙම සඵල වෙනවා දකින්න මිසක් වෙන් වෙන්න, දුරස් වෙන්න, ඒවා කඩා ඉහිරෙනවට කැමති නෑ. මේ ගීතය පද මාලාව ඉතාම සරල වුවද මෙයින් විරහ වේදනාවට පත් නොකර කුළුදුල් ආදරයම නැවත සඵල කර ගන්නට කරන ප්‍රාර්ථනාව තුළ යළිත් මෙහෙම පෙම්වතුන්ට කුළුදුල් ආදරයම සඵල වේවා කියල අපේ හිත වලිනුත් ඒ ප්‍රාර්ථනාව කරන්න හිතෙන තරමටම මේක රසවත් ගැඹුරු නිමිත්තක් වී ඇත.

''ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රෑදී අප උන් ඒ සැදෑවේ
හදවතින් මතු වූ සිනා
කිසිදු දිනයක බොද නොවේවා....''

Saturday, April 20, 2019

භාෂාවේ ඓතිහාසික විකාශනය


                   මානව භාෂාවේ උපත සම්බන්ධයෙන් විවිධ මත පවතී. භාෂාව පිළිබදව පරිණාමවාදී මතය හා නිර්මාණවාදී මතය එයින් ප්‍රධාන වේ. එයට අමතරව ක්‍රි.ව. 1746 දී ඉදිරිපත් කළ කොන්ඩිලැක්ගේ මතය, 1871 දී ඉදිරිපත් කළ චාල්ස් ඩාවින්ගේ මතය, පාෂානිභූත හිස් කබල් ඇසුරෙන් ලැබෙන සාක්ෂි, සත්ත්ව සන්නිවේදනය ඇසුරෙන් ලැබෙන සාක්ෂි හා පොදුවේ ශබ්ද අනුකරණයෙන් භාෂාව උපත ලැබූ බවට තිබෙන සාක්ෂි ද ගත හැකිය. මානව භාෂාව කවදා, කවුරුන් විසින්, කොතැනදී කෙසේ නිෂ්පාදනය කළේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. එය තවමත් මිනිසුන් විසින් සොයා නොගත් දෙයකි. මානව වංශ කතාව ඉතා දිගු අතීතයක් සහිත පරිච්ඡේද ගණනාවකි. එහි දී භාෂාවේ ඓතිහාසික විකාශනය ගවේෂණය යනු සරල දෙයක් නොවේ. 
                  මානව භාෂාව බිහි වූයේ සමාජ අවශ්‍යතාවක් ලෙසිනි. කාලයට සාපේක්ෂව මිනිසා විසින් අදහස් ප්‍රකාශ කිරීම සදහා භාවිතා කළ ආංගික අභිනය, සාත්ත්වික අභිනය, ආහාර්ය අභිනය ප්‍රමාණවත් නොවූයෙන් දෙවන පාර්ශවයට යමක් දැනුම්දීමේ විධිමත් ක්‍රමවේදයන් සොයා බැලීමේ දීර්ඝ ප්‍රතිඵලයක් ලෙස භාෂාව නිෂ්පාදනය විය. භාෂාව යනු මිනිසා විසින් සන්නිවේදනය කිරීම සදහා භාවිත කරන දියුණු හා විශිෂ්ටතම උපකරණයකි. මිනිසාගේ මානසික සංවර්ධනය හා කායික සංවර්ධනය සමබරව පිහිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් භාෂාව ඊට අදාළ හේතුඵලවාදී ක්‍රියාවලියක් තුළ බිහිවූයේ යැයි පිළිගැනේ. පංචේන්ද්‍රියන් නිසි ලෙස ක්‍රියාත්මක වීම හා මොළය තුළ සිදුවූ පරිණත පරිවර්තනයක් නිසා භාෂාවේ විකාශනය ජීව විද්‍යාත්මක පද්ධතියට අයත් දෙයකි. එසේම භාෂාව මිනිසා භාවිතා කරන ලද්දේ අවස්ථානුකූල සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සදහා මෙන්ම මූලික අවශ්‍යතා හා අරමුණු මුදුන්පත් කර ගැනීම සදහාය. එම නිසා භාෂාව සමාජ විද්‍යාත්මක පද්ධතියට ද අයත් දෙයකි. 
                                                                  භාෂාව පිළිබදව ගවේෂණය කරන්නෙකුට භාෂාව වනාහි ඒ ඒ රටවල සමාජවල ඒ ඒ අයුරින් නිපදවූ හා දියුණු වූ සන්නිවේදන මාධ්‍යයක් බව පැහැදිලි වනු ඇත. ඉන්දු-යුරෝපීය භාෂා පවුල, ඉංග්‍රීසි-ප්‍රංශ හා ඉතාලි යනාදී ප්‍රචලිත භාෂා පවුල් ගවේෂණය කිරීමේදී මේ බව පැහැදිලි වේ. එහි දී සිංහල භාෂාව ද ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ අනු ප්‍රභේදයක් වන ඉන්දු ආර්ය ශාඛාවේ සාමාජික භාෂාවකි. එම නිසා භාෂාව යනු අන්තර් සංස්කෘතීන්හි වෙනස්කම් සහිත නිර්මාණයකි. යම් සංස්කෘතියක ප්‍රධාන කැඩපත භාෂාව බව ඇතමුන් ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. 
                                                               මානවයා විසින් උපාර්ජිත භාෂාවට පසු කලෙක ලිඛිත හෝඩියක් ද නිර්මාණය විය. කාලීන අවශ්‍යතා මත භාෂණ්ය - ලේඛනය තෙක් දියුණු වීම භාෂා පරිණාමයේ විශේෂ සිද්ධියකි. නමුත් හීඩිය ද එකවර පහළ වූවක් නොවේ. එය රූපාක්ෂර හා සංකේතාක්ෂර වල දිගුවකි. මානවයා මුලින් තමා ජීවත් වූ පරිසරයේ සාධක මත යමක් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයන් තනා ගන්න ලදී. මුල් යුගයේ මානවයා තම ආහාරපාන සහ නිවාස වැනි අවශ්‍යතා සපුරා ගැනීමේදී අභියෝගයන්ට මුහුණ දුන්හ. සතුන් දඩයම් කිරීමට විවිධ ආයුධ විශේෂ අවශ්‍ය විය. ඒවා දිගු උල් හැඩැති පාෂාණ හා දැවමය ආධාරයෙන් තැනූහ. එම ආයුධ තම අවශ්‍යතා සදහා වූ උපකරණයක් විය. නිවාස ත්නා ගැනීමේදී කුඤ්ඤ අවශ්‍ය විය. යම් සතෙකු දඩයම් සදහා උගුලෙහි ලෑමට කුඤ්ඤ අවශ්‍ය විය. මෙසේ කුඤ්ඤ භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක මානවය ලිඛිත ක්‍රමයක් හරහා යමක් ප්‍රකාශ කිරීමේදී තමාගේ සිතෙහි විද්‍යාමාන වූ තමා භාවිත කළ කිඤ්ඤ හැඩයේ අකුරු මුල් ක්‍රමයේදී ඉස්මතු විය. ඒවා පසු කලෙක විද්වතුන් හැදින්වූයේ කුඤ්ඤාක්ෂර යනුවෙනි. අදටත් ලෝකයේ විවිධ රටවල භාෂා ලේඛනයේ උල් හැඩයේ අකුරු ඇත. මානව ලේඛනයේ චිත්‍ර වැනි අක්ෂර ද දැකිය හැකිය. එය මුල් යුගයේ රූප නොහොත් ඔවුන් විසින් යම් තැනක අදින ලද චිත්‍ර පසුබිම් කොට ගත් පසු කලෙක ලේඛන භාවිතාවකි. චිත්‍ර වැනි අක්ෂර පසු කලෙක ඔවුගෙන් ඉස්මතු විය. ඒවා රූපාක්ෂර නොහොත් චිත්‍රාක්ෂර ලෙස විද්වතුන් හැදින්වූහ. එසේම අතීත මානවයා යම් පුද්ගලයෙක්, ස්ථානයක්, සිදුවීමක් හා ක්‍රියාවක් හැගවීම සදහා සංඥාර්ථ භාවිතා කළ අවස්ථා විය. බුදු හිමියන්ගේ රුව වෙනුවට ධර්ම චක්‍රයම් අදහස්ක් ය හෝ එවැනි බෞද්ධ සංකේතයක් භාවිතා කිරීම එයට නිදසුනකි. යම් අදහසක්, පණිවුඩයක් හෝ ප්‍රකාශනයක් සදහා සංකේතයක් අක්ෂරයක් ලෙස භාවිතා කිරීම තුළින් සංකේතාක්ෂර බිහිවිය. 
                                                                   චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල භාවිතා කරන ලේඛනයේ අදටත් ප්‍රාථමික අක්ෂරවල හැඩය නොහොත් නිරූපනයන් ඇත. කොටු, පැතලි, උල් හැඩැති, චිත්‍රයක් මෙන් අක්ෂර කලාවක් අදටත් දැකිය හැකිය. මානවයා ජීව විද්‍යාත්මක අනුකරණවාදී හා සමාරෝපිතවාදී සත්ත්වයකු බව භාෂණය හා ලේඛනය පිළිබදව අධ්‍යනය කරන විට කැපී පෙනේ. බොහෝ විට ඉංග්‍රීසි, සිංහල හා දමිළ ලේඛනයන් සංකේතාක්ෂර මගින් සන්නිවේදනය කරයි. කාලයක් තිස්සේ මිනිසා විසින් භාවිතා කරන ලද උපකරණ හා මෙවලම් මෙන්ම ඇදහිලි , විශ්වාස හා ආකල්ප ඔස්සේ ගොඩනැගුණු සංකේත නිර්මාණාත්මකව පසු කලෙක ලේඛනයක හැඩය ලෙසින් ද , ලේඛනය ලෙසින් ද ඉස්මතු විය. එම නිසා අකුරක් යනු දිගු කාලයක් තිස්සේ පරිවර්තනයන්ට ලක් වූ සන්නිවේදන සංකේතයකි. ලේඛනයට භාෂණයට වඩා රීති සමුදායක් ඇත. ලේඛනා භාෂාවට ව්‍යාකරණ හා රීතීන් ඇත. අදහස් ප්‍රකාශනයේදී එය වැදගත් වේ. ලේඛනය එක්තරා කලාවක් වන්න සේම විද්‍යාවක් ද වේ. එසේම ප්‍රමිතියක් ඇත. යමෙකුට කෙසේ හෝ කතා කළ හැකි නමුත්, විධිමත් ලෙස හා අවස්ථාවට උචිතව ලේඛනයේ යෙදීම අපහසු විය හැකිය. කෙසේ හෝ නූතන හා අද්‍යතන මානවයා වි‍යවහාරික භාෂාවේ ද ලේඛනයේද කොටස්කරුවෙකි.

Monday, April 15, 2019

ශ්‍රී ලOකා මහජන පක්ෂය

                             80 දශකයේදී මෙරට දේශපාලනයට විශාල බලපෑමක් කළ දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලOකා මහජන පක්ෂය හදුන්වා දිය හැකිය. ශ්‍රී. ල. නි. ප. නායකත්වය සමග මතභේද ඇති කරගෙන ඉන් ඉවත් වූ විජය කුමාරතුOග, ටී. බී. ඉලOගරත්න ප්‍රමුඛ පිරිසක් පක්ෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූහ. නිල වශයෙන් පක්ෂය ආරම්භ කරන ලද්දේ 1984 ජනවාරි මස 24 වන දින දීය. පක්ෂය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති වැඩ පිළිවෙල අනුව "ශ්‍රී ල0කාවේ ප්‍රථම ප්‍රගතශීලී මහජන රජය පිහිටුවන ලද අගමැති ඒ. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ආරම්භ වුණු සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මහජන ගමන ආත්මාර්ථකාමීත්වයෙන් හා ඒකාධිපති පුද්ගලවාදයෙන් නිදහස්කර, ප්‍රතිගාමීන්ගෙන් මෙන්ම, අගති ගාමීන්ගෙන් ද ආරක්ෂා කර යථානුරූපව ඉදිරියට ගෙන යමින් ජාතික ස්වාධීනත්වය තුළින් ශ්‍රී ලOකාවේ ඒකීය භාවය ද, ජාතික සමගිය ද ඇතිකර හැම කෙනෙකුටම තෘප්තිමත් ජන ජීවිතයක් ගත කළ හැකි වුව වූ තිරසාර සමානාත්මතා සමාජයක් නිර්මාණය කිරීම ශ්‍රී ලOකා මහජන පක්ෂයේ අරමුණ වන්නේය. 
                         මහජන පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමෙන් පසු කරුණු දෙකක් පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදී. 
1. 1983 න් පසු උග්‍ර තත්වයට පත් ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ක්‍රියාකාරීව මැදිහත් වීම. 
2. සියලු වාමාOශික කොටස්වල එක්සත් භාවය. 
             යුද්ධමය ක්‍රියාමාර්ගයකින් එනම් දෙමළ ජනතාව මත සිOහල ජාතික ආධිපත්‍ය පතුරුවා උතුරේ අර්බුදය විසදිය නොහැකිය යන්න මහජන පක්ෂයේ ස්ථාවරය විය. ඊලාම් රාජ්‍යයක් බිහි කිරීම සදහා යුධ වැදී සිටි සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා කර උතුරේ අර්බුදයට දේශපාලන විසදුමක් සෙවීමට මහජන පක්ෂය උනන්දු විය. 
                  පක්ෂයේ ස්ථාවරය ක්‍රියාත්මක කරමින් විජය කුමාරතුOග ප්‍රමුඛ මහජන පක්ෂයේ නියෝජිත පිරිසක් 1986 දී මදුරාසියට ගොස් එල්. ටී. ටී. ඊ. ප්ලොට්, ඊ. පී. ආර්. එල්. එෆ්. යන සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා පැවැත්වූහ. පක්ෂය ගත් මෙම ක්‍රියාමාර්ගයට සිOහල ජාතිවාදී කොටස්වල විරෝධය එල්ල වූහ. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන පක්ෂය අනුගමනය කළ ක්‍රියාමාර්ගය අනුමත නොකරමින් පක්ෂය සභාපති ටී. බී. ඉලOගරත්න සභාපති ධූරයෙන් ඉවත් විය. ඉලOගරත්නගේ ඉවත්වීමෙන් පසු පක්ෂයේ සභාපති ධූරයට පත්වූයේ චන්ද්‍රිකා කුමාරතුOග ය. පක්ෂයේ ලේකම් ධූරය දැරූ විජය කුමාරතුOග ජාතික සOවිධායක ධූරයට පත් වූ අතර වයි. පී. ද සිල්වා නව ලේකම් විය. එල්. ටී. ටී. ඊ. අත් අඩOගුවේ සිටි සොල්දාදුවන් නිදහස් කරගැනීම සදහා විජය කුමාරතුOග ප්‍රමුඛ මහජන පක්ෂයේ නියෝජිත පිරිසක් යාපනයේ ස0චාරය කළේ ද ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මහජන පක්ෂය දැරූ ස්ථාවරය තවදුරටත් ක්‍රියාත්මක කරමිනි. එසේම ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී. ල. නි. ප. ස්ථාවරය ද මහජන පක්ෂයේ දැඩි විවේචනයට ලක් විය. 
                      මෙරට දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රශ්නවලට විසදුම් සමාජවාදය යන්න මහජන පක්ෂය පිළිගත් මතය විය. සමාජවාදයේ ජයග්‍රහණය සදහා සියලුම වාමාOශික කොටස් සමගි විය යුතුය යන මතයේ පිහිටා මහජන පක්ෂය කටයුතු කළේය. ශ්‍රී ලOකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලOකා සමසමාජ පක්ෂය, නව සම සමාජ පක්ෂය හා මහජන එක්සත් පෙරමුණ සමග මහජන පක්ෂය ආරම්භයේ සිටම සහයෝගයෙන් කටයුතු කළේය. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් වමේ සOවිධානය දැරූ මතවාදයට එකග නොවීම නිසා මහජන එක්සත් පෙරමුණ පසුව ඉන් ඈත් විය. වාමාOශික සමගිය තහවුරු කරමින් මහජන පක්ෂයේ නායකත්වය යටතේ 1987 දී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවන ලදී. ඉOදු ලOකා ගිවිසුමට ද පළාත් සභා ක්‍රමයට ද සහය දුන් පක්ෂ අතර මහජන පක්ෂය කැපී පෙනේ. 
                          ඉන්දු ලOකා ගිවිසුමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ වූ ඊ. පී. ආර්. එල්. එෆ්. හා ප්ලොට් වැනි ද්‍රවිඩ සටන්කාමී සOවිධාන සමග ද මහජන පක්ෂය සමීප සබදතා පැවැත්වීය. 1988 පළාත් සභා මැතිවරණයේ දී එ. ජා. ප. ය හැරුණු විට වැඩිම නියෝජිත ප්‍රමාණයක් තේරී පත් වූයේ මහජන පක්ෂයෙනි. මහජන පක්ෂය ඉන්දු ලOකා ගිවිසුමට සහය පළ කිරීමත්, පළාත් සභා ක්‍රමය පිළිගැනීමත් ජ.වි.පෙ. හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දැඩි විරෝධයට හේතු විය. 87-89 වකවානුවේදී මහජන පක්ෂ නායක විජය කුමාරතුOග ඇතුළු පක්ෂ සාමාජිකයින් සිය ගණනක් ඝාතනයට ලක් විය. විජයගෙන් පසු පක්ෂයේ නායකත්වයට පත් ඔසී අබේගුණසේකර පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් 1988 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. 1989 මහ මැතිවරණයෙන් පසු මහජන පක්ෂය හා එක්සත් සමාජවාදී පෙරමුණේ සෙසු පක්ෂ අතර පැවති මතභේද උග්‍ර තත්වයට පත් විය. එසේම මහජන පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක් බහුජන නිදහස් පෙරමුණ නමින් සOවිධානයක් ද පිහිටුවා ගෙන දේශපාලන කටයුතුවල නිරත විය. මහජන පක්ෂ නායකත්වය ප්‍රේමදාස පාලනයට සහාය පළ කිරීම හේතු කොටගෙන මහජන පක්ෂය නැවත දෙකඩ විය. මහජන පක්ෂ (ඔසී පිල) මහජන පක්ෂය  (වයි. පී. පිල) යනුවෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූයේ ඉන් පසුවය. 1993 පළාත් සභා මැතිවරණය, 1994 මහා මැතිවරණය, 1994 ජනාධිපතිවරණය යන මැතිවරණවල දී ඔසී පිල එ. ජා. ප. යට සහාය දුන් අතර වයි. පී. පිල පොදු ජන එක්සත් පෙරමුණේ කොටස්කරුවෙකු වෙමින් ඊට සහාය දුන්නේය. පසුව මහජන පක්ෂයේ (ඔසී පිල) විසුරුවා හැරීමට පක්ෂ නායකත්වය විසින් තීරණය කරන ලදී. පක්ෂයේ විසුරුවා හැරීමෙන් පසු එහි සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ. වර්තමානයේ මහජන පක්ෂය හැටියට ක්‍රියාත්මක වන්නේ වයි. පී. ද සිල්වාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමයි. 
                       1977 න් පසු ක්‍රියාත්මක කරන ලද විවෘත ආර්ථික ක්‍රමය මහජන පක්ෂයේ දැඩි විවේචනයට ලක් විය. එය අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් මත ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට හැදින්වූ මහජන පක්ෂය 1994 වසරේ නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පක්ෂයේ කෙටි කාලීන හා දිගු කාලීන ඉලක්ක හැටියට පහත සදහන් ඉලක්ක ප්‍රකාශයට පත් කළේය. 
1. ජාත්‍යන්තර මූල්‍ය ආයතන, බහුජාතික සමාගම්, හා අධිරාජ්‍යවාදී දියුණු රටවල විශේෂයෙන් එක්සත් ජනපදයේ ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයෙන් නිදහස්වීම ස්වාධීනත්වය තහවුරු වීම. 
2. ශ්‍රී ලOකාවේ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම. 
3. දශක කීපයක සිට විනාශ වී ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී පැවතුම් මානව හිමිකම් හා සමාජ සාර්ධර්ම ගොඩ නැගීම. 
4. නිවහල් ආර්ථිකයක් ගොඩ නැගීම. 
5. ජාතික සOස්කෘතිය නිවහල් කර ගැනීම. 
6. සමාජ ආර්ථික විසOතුලනයන් මග හරවා මිනිසා විසින් තවත් මිනිසෙකු සූරා කෑම අවසන් කරමින් තිරසාර සමානාත්මතා සමාජයක් ගොඩ නැOවීම. 
                      කෙසේ වුවද පොදු පෙරමුණු රජයට සම්බන්ධ වීමෙන් පසු මහජන පක්ෂය ද විවෘත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට දායක වී ඇත.
                                                        [උපුටා ගන්නා ලද්දකි..]

Friday, April 5, 2019

හන්තානට පායන සද ලස්සනයි ද කියන්න



ගීතය තුළ උසස් වින්දනයක් ලැබීම සදහා තුන් ආකාරයක සම්බන්ධතාව වැදගත් වේ. ඒ ගේය පද රචකයා, තනෞ නිර්මාණය කරන්නා සහ ගායකයා වෙයි. කලාතුරකින් මිනිසාට පිහිටන නිර්මාණාත්මක ප්‍රතිභාව කරණ කොටගත් මා හැගි රචකයා විශ්ව විද්‍යාල ජීවිතය හා බාහිර සමාජයේ දෙහදක හටගත් ආදරය තුළ අතරමං වී සිටින්නා වී පරිවර්තන නොහොත් යුග දෙකක කතාව නිර්මාණකරුවාගේ ස්වභාවය තුළ අපූරුවට රචනා කොට ඇත. සිවිල් සමාජය වනාහී වඩා විවෘත වූ ද නිදහස් වූ ද නිර්ව්‍යාජ වූ ද විවිධ සංස්කෘතීන්ගෙන් ගහණ වූ ද සමාජ ක්‍රමයකි. එහි දී තරුණයෙක් තරුණියකට පෙම් බදී. ඔවුන් නව යෞවනත්වය තුළ උසස් අධ්‍යාපනය ලබයි. මහා සමාජයේ ඒ ඒ ස්ථානවල ඔවුන් මුමුණා ඇත. හමුවී ඇත. එක්ව අධ්‍යාපනය ලබා ඇත. දෙදෙනාට වූ සුන්දර මතකයන් හා ජීවිත සුවදක් ශේෂව ඇත. ශ්‍රී ලාංකේය ජන සමාජයේ විශ්ව විද්‍යාල ප්‍රතිශතයට හසුවන්නා වූ අතලොස්සක් වූ තරුණ තරුණියන් අතරින් තරුණයාගේ දෛවය නැවතත් සිවිල් සමාජයටම සීමා වී තරුණිය විශ්ව විද්‍යාලය කරා යයි. විශ්ව විද්‍යාලය යනු උප සංස්කෘතිකාගාරයකි. එහි දී ආදරය මනෝ විද්‍යාත්මක අවශ්‍යතාවයකි.
''හන්තානට පායන සද ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුර හද ඔබට හැකිය දකින්න''
විශ්ව විද්‍යාල පරිසරය තුළ සුන්දර අසුන්දර සියල්ල ඇත. නමුත් ගිල ගත් තාරුණ්‍යයේ සොදුරු වූ නැවුම් නිමේෂයන් පරිසරය දෙස බලන කල්හි කිති කවනු ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාරිසරික ස්වාභාවය ද එම විශ්ව විද්‍යාල භූමිය තුළ සැරිසරන විටෙක විද්‍යාර්ථීන්ගේ  ද විටෙක පෙම්වතුන්ගේ ද ලස්සන තමා විසින් බාහිර සමාජයෙන් දකින ලද තම පෙම්වතාගේ හා එකී සමාජ චක්‍රයේ හාත්පසින් වෙනස් වූ ප්‍රතිරූපයකි. පිරිපුන් තාරුණ්‍යය තරුණයාගේ ඇසින් අප රචකයා තම හදවතට ගෙන තරුණියගෙන් හන්තානට පායන සද ලස්සනයිද ? මා හට බාහිර සමාජයේ සිට දකින්නට ලැබෙන්නා වූ මෙකී සද සහ නුඹ විසින් පූර්ණව දකින පුර හද [අත්දැකීම් ප්‍රස්තුතය] මම සැබෑ ලෙස දකිමි. එම නිසා නුඹ විසින් ගොඩනගන, පිය නගන එකී සුන්දර පුර හද යටින් හුදෙකලා නොවී තවත් එක් කුඩයක් යටින් තවකෙකු ගමන් කිරීම මගේ සතුටට බාධාවක් නොවේ. විශ්ව විද්‍යාල සෞන්දර්යය තුළ කැමති හෝ අකමැති ලෙසින් තිමිර වළා පටල හෝ අදුරු වළ පටල නුඹ විසින් වෙළාගනු මම දකිනුයේ නුඹ මට පුර හදක් වූ නිසා ය.
 ''අදුරු වළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් නුඹ යන කළ එපා තනිය දැනෙන්න’’
සරසවි ජීවිතයේ කුඩේ යනු ද්විපාර්ශ්වික බැදීමකි. ඕනෑම සරසවියක බිමක් ආදරවන්තයන් තුළින් තෙමෙනු ඇත. මිනිසා විසින් ආදරය දකින්නේ ද, ආදරය විදින්නේ ද නිර්ව්‍යාජව කෙටි කලකට පමණි. කෙමෙන් කෙමෙන් අපේ ජීවිත තුළින් ආදරයේ සොදුරු ආත්මීය මතකයන් අප තුළින් මැකී යනු ඇත. සරසවියේ ගස් මුල වාසය කරන්නෝ තරුණයෝ ය. අප රචකයා මෙතෙක් කල් තිබූ සෞන්දර්යය රීතිය කාන්තාවකට ලතාව උපමා කිරීමේ ක්‍රමවේදය හැරපියා ''ලතා මඩුලු'' නම් විශේෂණයක් ගෙන ලතා මඩුලු නැමැති පිරිමියා විශ්ව විද්‍යාල පරිසරය තුළ ජේත්තුකාරයෙක් කරවයි.
''ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න''
පිරුණු ඇස් කන් ඇති සුන්දර තරුණිය කෙරෙහි විශ්ව විද්‍යාලය නැමැති උප සංස්කෘතිය තුළ බුර බුරා පැන නගින තරුණ මානසිකත්වයේ යෝජනා එමට ගලා එනු ඇත. එය තරගයක් ද වන්නේ ය. කාන්තා ලාලිත්‍ය කෙරෙහි පිරිමින්ගේ ආකර්ෂණය ගලා එන විට අප කතා නායිකාවට බාහිර සමාජයේ මතකයට නොහොත් ආදරයට තීන්දුවක් හා තීරණයක් ගැනීමට සිදු වේ. විශ්ව විද්‍යාලයට පය නොතැබූ නමුදු කථකයාගේ ඇසින් පෙනී සිටින අප තරුණයා උගත් බව පෙනේ. සිත කීරි ගැසෙන සේ තරුණියට අමුතු යෝජනාවක් කරයි. ඒ නුඹ විතරක් තනිවී ඇති අදුරට පෙනෙන සරසවි බිම තුළ තමා බලාපොරොත්තු වූ පුර සද තවකෙකු නමින් පායන්නට හා විශ්ව විද්‍යාලය අසලම පිහිටි මහවැලිය නැමැති ලංකාවේ දිගම ගගට තමන් පිළිබදව වූ මතකය ගුලි කර දමන ලෙසයි. ප්‍රේමයට වඩා ආදරය බොළදය. තරුණ කළ ආදරය කළ ඕනෑම අයෙකුට මියයන තෙක් ප්‍රේමය කළ හැකිය. නමුත් ආදරය හා ප්‍රේමය තුළින් විරහව උපන්හ. අප රචනය ද සංගීතය ද ගායනය ද අතීතයක් නැති මතකයට ගෙනැවිත් අපූර්වත්වය සමගින් කදුළක් ද ශේෂ කරයි. ඒ රුසියානු ප්යෝදාර් දොස්තයේව්ස්කිගේ ''දිවා රැය'' නම් නව කතාවේ ''ආන්යා නුඹ සිටපන්, ආන්යා නුබ පලයන්, ආන්යා නං යන්නන්'' යන සමුගැනීමට සමාන කරවයි.

Thursday, April 4, 2019

Definitions of Communication



  • ·         Communication is the mechanism through which human relations exist and develop – all the symbols of the mind, together with the means of conveying them through space and preserving them in time.   [Charles Cooley – 1909]
  • ·         Communication is a social – psychological process by which one individual is able to assume, in some sense and to some degree, the attitudes and the point of view of another.    [Robert E.Park - 1922]
  • ·         Society is a network of relations maintained chiefly by communication. Every cultural pattern and every single act explicit manner.   [Edward Sapir - 1935]
  • ·         Communication is the discriminatory response of an organism to a stimulus.    [stevenes – 1950]
  • ·         Communication is all those processes by which people influence one another.     [jurgen Ruesch – 1950]
  • ·         Communication means a sharing of elements of behavior of modes of life, by the existence of sets of rules….It is essentially a social affair.    [Collin Cherry – 1953]
  • ·         Communication is the verbal interchange of thoughts or ideas.    [hobbon – 1954]
  • ·         Communication is the interaction thought message.    [George Gerbnar – 1956]
  • ·         In the most general sense, we have communication wherever one system, a sourse, influence another, the destination, by manipulation of alternative symbols, which can be transmitted over the channel connecting them.     [Osgood et al – 1957]
  • ·         Communication is the means of exchange and the measure of value in social life.   [Daniel Lerner – 1958]
  • ·         Communication has as its central interest those behavioral siyuations in which a source transmits a message to a receiver with conscious intent to affect the latter’s behavior.      [miller – 1966]
  • ·         Communication may be defined as social interaction through messages.     [gerbner – 1967]
  • ·         Communication is a process in which participants create and share information with one another in order to reach mutual understanding.     [evarett M. Rogers – 1972]
  • ·         Communication is the purposeful transactional process by which one person, through the use of audible and visible symbols, engenders meanings in the minds of his listeners.    [martin et Al – 1974]
  • ·         Communication is the sending of meaningful message from one person to another.     [Dennis mcquail – 1975]